වප් පොහෝ දිනයේ වැදගත්කම
ලක්වාසී බෞද්ධයන්හව වප් පොහෝ දිනයෙ වැදගත් සිදුවීම් රැසක් යෙදී ඇත. ඒවා නම්,
1. බුදුපියාණන් වහන්සේ තව්තිසා දෙව් ලොව සිට සංකස්ස නුවරට වැඩම වීම
2. මෛත්‍රී බෝසතාණන් වහන්සේ පැවිදිවීම
3. සැරියුත් හිමියන්ට ප්‍රඥාවෙන් අගතැන් තනතුර ප්‍රදානය කිරීම
4. සංඝමිත්තා තෙරණිය වැඩමවීමට අරිට්ඨ ඇමතිවරයා දඹදිවට පිටත්වීම
5. ථූපාරාමයේ කරන ලද විනය සංගායනාව
6. ජය ශ්‍රී මහා බෝධි අංකුරය පිහිටුවීම
7. වස් පවාරණය කිරීම ආදී වශයෙනි
සත්වන වස් කාලය ගත කිරීම සඳහා තව්තිසා දෙව් ලොවට වැඩි බුදුරජාණන් වහන්සේ එහි තුන් මසක් ගත කළ සේක. එහි දී සිය මෑණියන් වූ මාතෘ දිව්‍ය පුත්‍රයා ඇතුළු පිරිසට අභිධර්මය දේශනා කළහ. උන් වහන්සේ මෙම තෙමස ගත කිරීම ආදි වශයෙන් වප් පොහොය හා පවතින ශාසනික වැදගත් සිදුවීම් බොහොමයක් වේ.
8.ධර්මාශෝක මහ රජුගේ ආශිර්වාදය මත බුදු සසුන ඇරඹුනද, කාන්තාවන් සඳහා භික්ෂු” ශාසනයට ඇතුල්වීමට අනුලා බිසව ප්‍රධාන කාන්තාවන් නිසි අවසර ඉල්ලූ අවස්ථාවේදී ඒ සදහා මෙරටට භික්ෂූන් වහන්සේලා වැඩම කරවීම පිණිස මිහිඳු මා හිමියන්ගේ අනුදැනුම ඇතිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ පන්සියයක් දූත පිරිස දඹදිව පැළලුප් නුවර වෙත පිටත් කර හැරියේද මෙම වප් පොහෝ දිනයේදීය.
තෙමසක් වස් සමාදන්ව සිටි භික්ෂූන් වහන්සේ වස් පවාරණය කිරීමෙන් පසු චීවර මාසය ආරම්භ වීම ඇතුළු සම්බුද්ධ ශාසනයේ වැදගත් කරුණු රැසක් හේතුවෙන් වප් පොහොය දිනය බෞද්ධයින්ට සුවිශේෂි වෙයි.
පසුගිය 12 වනදා නිකුත්කරනු ලැබූ මාර්ගෝපදේශ සංශෝධනය කරමින් නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කඨින චීවරය රැගත් පෙරහැර සංවිධානය කිරීමට අවසර හිමිව තිබේ.
එහෙත් ඒ සඳහා සහභාගී කරවාගත හැකි සැදැහැවතුන් සංඛ්‍යාව 50ක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් වියුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල සඳහන් කර ඇත.
එමෙන්ම කඨින චීවර පූජාව සහ දහවල් දානමය පිංකම මෙන්ම කඨිනානිසංස ධර්ම දේශනය පැවැත්වීම සඳහා අවසර හිමිවන අතර ඒ සඳහා සහභාගී කරවාගත හැකි සැදැහැවතුන් සංඛ්‍යාව 50 දෙනෙකුට සීමා කර තිබේ.