Sunday, September 22, 2024

වප් පුර පසළොස්වක පොහොය අදයි

භික්ෂූන් වහන්සේ වස් පවාරණය ආරම්භ කරන වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

ජය ශ්‍රී මහා බෝධි ශාඛාව මෙරටට වැඩමවා ගැනීම සඳහා දෙවන පෑතිස් රජු ධර්මාශෝක රජුට සංදේශයක් යොමු කර ඇත්තේ ද අද වැනි උතුම් පොහෝදිනකදී ය.

මෙම උතුම් පොහොය දිනය සම්බුද්ධ චරිතාපදානයේ මෙන්ම ශාසන ඉතිහාසයේ ද වැදගත් සිදුවීම්වලින් සමන්විත ය.

තවුතිසාවේ වස් විසූ බුදුරජාණන් වහන්සේ වස් පවාරණය කර සංකස්සපුරයට වැඩම කළේ, අද වැනි වප් පුර පසළොස්වක පොහොය දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් ය.

පෙරවස් සමාදන් වන භික්ෂූන් වහන්සේ වප් පොහොය දින වස් පවාරණ කරන අතර පසුවස් සමාදන් වන භික්ෂූන් වහන්සේ ඉල් පොහෝදින පවාරණය කරයි.

කඨින චීවර පූජාව ආරම්භ වන්න පොහොය දිනය ලෙස ද වප් පුර පසළොස්වක පොහොය සැලකෙයි.

මෛත්‍රීය බෝසතාණෝ බුදු පෙළහර දැක බුදුරජාණන් වහන්සේ වෙත පැවිදි වූයේ ද වප් පොහෝ දිනකදී ය.

මිහිදු මහරහතන් වහන්සේ දේශනා කළ චූලහත්ථීපදෝපම සූත්‍රය අසා අනුලා බිසව ප්‍රධාන කාන්තාවෝ 500 දෙනෙකු පැවිදි වීම සඳහා කැමැත්ත පළ කිරීම හේතුවෙන් සංඝමිත්තා තෙරණිය වැඩමවීම සඳහා අරිට්ඨ මහ ඇමැතිවරයා ප්‍රධාන දූත පිරිස අශෝක අධිරාජයා වෙත යාම සඳහා පිටත් වූයේ ද අදවන් උතුම් වප් පුර පසළොස්වක පොහෝ දිනකදී බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් ය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles