වම්බටු මිල ඉහළට….!

0
374

පොහොර හා කෘෂි රසායන අර්බුදයත් , රටේ විදේශ විනිමය පිළිබඳව මතුවූ තත්ත්වය ඇතුළු විවිධ හේතු මත මේ වනවිට වෙළෙඳපොළේ එළවළු ඇතුළු අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අලුත්ම සිල්ලර වෙළඳපොළ දත්ත අනුව ඇතිවී තිබෙන තත්ත්වයට අනුව,

ගිය වසරේ නොවැම්බර් මාසයේ රුපියල් 109.78 ක් වූ සම්බා සහල් කිලෝ ග්‍රෑම් එකක සමාන්‍ය මිල මේ වන විට රුපියල් 162.50 ක්.

වසරක් තුළ සම්බා සහල් මිල වැඩිවීම 48% කි.

පාන්පිටි කිලෝ ග්‍රෑම් එකක මිල ද වසරක් තුළ රුපියල් 93 සිට 123 දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය වසරේ රුපියල් රුපියල් 182 ක පැවති පරිප්පු කිලෝ ගෑම් එකක මිල රුපියල් 259 කි.

රුපියල් 550 ක් වු බලයා කරවල කිලෝ ග්‍රෑම් එකක් අදවන විට රුපියල් 935 ක් දක්වා වැඩිවී තිබේ.

පසුගිය වසරේ නෙවැම්බර් මාසයේ රුපියල් 430 ක් වු කුකුලු මස් කිලෝ ගෑම් එකක් මේ වන විට රුපියල් 690 ක් ඉක්මවා ඇති බව ද ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තාවට අනුව පෙනී යයි.

රුපියල් 380 ක් වූ ග්‍රෑම් 400 යේ කිරිපිටි පැකට්ටුව 480 ක් දක්වා රුපියල් 100 කින් ඉහළ ගොස් තිබේ.

රජයේ නිල දත්තවලට අනුව පසුගිය වසරේ නොවැම්බර් මාසය හා සැදීමේදී තාක්කාලි 164% කින්, ලීක්ස් 188% කින් බටු 76% කින් බෝංචි 70% කින්, කැරට් 70% කින් ඉහළ ගොස් තිබේ.

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ද වසරක් තුළ රුපියල් 1257 කින් වැඩිවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here