විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් පත් කිරීම මෙතෙක් කල් සනාතන සභාව විසින් සිදුකළත් වයඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති පත් කිරීම සදහා දේශපාලන බලපෑම් එල්ලවෙමින් තිබේ.
ඉතිහාසයේ කිසිදු අවස්ථාවක දේශපාලන බලපෑම් මත උපකුලපතිවරුන් පත් නොවූ අතර, මෙවර එම බලපෑම එල්ලවෙමින් තිබෙන්නේ මහාචාර්ය එච්. එම්. ඒ. හේරත් උපකුලපති ධූරයට පත් කිරීම සදහාය.
-මහාචාර්ය එම්. ඒ. හේරත්මහාචාර්ය හේරත් තමන් දන්නා අයෙක් බැවින් ඔහුට උපකුලපතිධූරය ලබාදෙන ලෙසට ඉල්ලමින් නියෝජ්‍ය ඇමති සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ගුණපාල රත්නසේකර, ඩී. බී. හේරත්, සමන්ප්‍රිය හේරත් සහ වියත්මග කුලියාපිටිය ශාඛාව විසින් ජනාධිපතිවරයාට ලිපි යොමුකර තිබේ. එම යොමු කරන ලද ලිපිවල පිටපත් පහත අමුණා ඇත.
-ඩී. බී. හේරත් පශු සම්පත් ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවිශ්ව විද්‍යාල සනාතන සභාව විසින් ස්වාධීනව උපකුලපතිවරුන් පත් කරන අතර මීට පෙර බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාගේ මාධ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළ මහාචාර්ය සුන්නද මද්දුමබණ්ඩාර කැළණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිධූරය අපේක්ෂා කළත් ඔහුට එය හිමි නොවීය.පසුගිය ආණ්ඩුව සමයේදී ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා විසින් සිය නියෝජිතයා ලෙස රජිත් කීර්ති තෙන්නකෝන් කැළණිය විශ්වවිද්‍යාලයේ සනාතන සභාවට පත් කිරීමට උත්සාහ ගත්තද, එම උත්සාහය සාර්ථක නොවීය.








