Thursday, January 23, 2025

වයඹ ගුරුවරුන් 21 පාසල් නාවොත් පඩි කපනවා

වසර එක හමාරකට පසුව පාසල් යළි විවෘත කිරීමට යන අවස්ථාවේ දී පාසල්වලට නොපැමිණෙන ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ නොවැම්බර් මස වැටුප අත්හිටුවීමට පියවර ගන්නා බව වයඹ පළාත් ආණ්ඩුකාර, නීතීඥ රාජා කොල්ලුරේ පවසයි.

පාසල් විවෘත කිරීමේ කටයුතුවලට බාධා කරන සහ විරුද්ධව ක්‍රියා කරන පිරිස්වලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ආණ්ඩුකාරවරයා අවධාරණය කළේය.

” ආණ්ඩුකාර වරයා වශයෙන් අධ්‍යාපන ඇමතිගේ බලතල ක්‍රියාත්මක කිරීමට වග කියන පුද්ගලයා හැටියට මම 21 නොපැමිණ අයට නොවැම්බර් මාසේ වැටුප ලබාදීම අත්හිටුවීමට මම සලකා බලනවා.”

වැටුප් විෂමතාවලට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලා ගුරු විදුහල්පති සංගම් ඔන්ලයින් ඉගැන්නුම් කටයුතුවලින් ඉවත්ව ආරම්භ කළ වැඩ වර්ජනයට අදට දින 100කි.

“21 ඉස්කෝලේ යන්නට ගත්ත තීන්දුව දේශපාලන පක්ෂයක තීන්දුවක් 25 වැනිදා පාසල් යන්නට ගත්ත තීන්දුවත් අපි පැහැදිලිව කියනවා දේශපාලන පක්ෂ දෙකක තීන්දුවක්.”

“එකක් ආණ්ඩුවේ පොදුජන පෙරමුණේ තීන්දුවක් අනිත් එක පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ තීන්දුවක්. ඒ නිසා අපි පක්ෂ වලට මේ සටන දිය කරන්නට ඉඩ දෙන්නේ නැහැ. අපි මේ සටන දිගටම කරගෙන යනවා.” 

පාසල් විවෘත කරන්නේ 21 වැනිදා වුවත් ගුරු සංගම් පවසන පරිදි ගුරුවරුන් පාසලට පැමිණෙන්නේ 25 වැනිදා බව කී ආණ්ඩුකාරවරයා එම යෝජනාව හකුලා ගෙන 21 වැනිදාම පාසලට පැමිණෙන්නට සිතුවොත් හොඳයි යනුවෙන් ද කීවේය.

පාසල්වලට පැමිණ විනය විරෝධී ක්‍රියා කරන්නට කිසිවෙක් හෝ උත්සාහ කළහොත් එයට ඉඩනොදෙන බවත්, පාසල් විවෘත කිරීමට විරුද්ධවීම දේශද්‍රෝහී, සාපරාධී මෙන්ම ජනතාද්‍රෝහී ක්‍රියාවක් බව ද පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles