වයඹ පළාත් නව ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ

0
296

වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණු අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ඊයේ (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

වසන්ත කරන්නාගොඩ මහතා මානුෂීය මෙහෙයුම සමයේ නාවික හමුදාපතිවරයා ලෙස මව්බිම වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කළේය. ඒ මහතා මීට පෙර ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද සේවය කර ඇත.

රාජා කොල්ලුරේ මහතාගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා වසන්ත කරන්නාගොඩ මහතා පත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here