වයස්ගත පුද්ගලයින් ගෙනවිත් ගෙනැවිත් රෝහලේ කොරිඩෝවට දමා යයි

0
341

කොරෝනා ආසාදනය වී නැති වයෝවෘද්ධ පුද්ගලයන් කළුබෝවිග රෝහලට ගෙනවිත් දමා යන තත්වයක් ඇති වී තිබේ. රෝහල් බලධාරීන් කියා සිටින්නේ ඇතැමුන් විසින් කිසිදු රෝගී තත්ත්වයක් නැති මෙම වයස්ගත පුද්ගලයන් රෝහලේ බාහිර රෝගී අංශයේ ආසන වලට ගෙනැවිත් දමා යන බවයි.

රෝහලේ කැමරා දර්ශන නිරීක්‍ෂණයේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත. වසංගත තත්ත්වයක් රට තුළ පවතින අවස්ථාවක මෙවන් ක්‍රියා සිදු නොකරන්නැයි ඉල්ලා සිටින බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here