Tuesday, October 22, 2024

වයස අවුරුදු තිස්‌පහට අඩු අයට ත්‍රිරෝද පැදවීම තහනම් කරනවා

යස අවුරුදු තිස්‌ පහකට අඩු අයට ත්‍රිරෝද රථ පැදවීම තහනම් කිරීමටත්, ගමන් ගන්නා මගීන්ට රිසිට්‌ පතක්‌ නිකුත් කිරීම අනිවාර්යය කිරීමටත් කටයුතු කරන බව නව ත්‍රිරෝද රථ නියාමනය කිරීමේ නියෝග ඉදිරිපත් කරමින් ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (20 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කළ පසුව කථානායක කරු ජයසූරිය මහතාගේ මුලසුන යටතේ පාර්ලිමේන්තුව ඊයේ (20 දා) පෙරවරු 10.30 ට රැස්‌විණි.

නිවේදන, වාර්තා, ලිපි ලේඛන සහ පෙත්සම් ඉදිරිපත් කළ පසුව වාචික පිළිතුරු අපේක්‌ෂාවෙන් මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු උත්තර දුන්හ.

අනතුරුව මෝටර් වාහන පනත යටතේ නියෝග ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා,

2013 දී ත්‍රිරෝද නියාමන නියෝග හා ගැසට්‌ පත්‍රය මඟින් හිටපු ප්‍රවාහන ඇමැති ප්‍රකාශ කළා. මේ නියෝග ඇතුළත් ගැසට්‌ පත්‍රය සභාගත වුණේ නෑ. මේ ගැසට්‌ නියෝගය ගැන ත්‍රිරෝද සංගම් විරෝධය පළ කළා. මිල නියාමනය ගැන විරෝධය පළ කළා. පසුව පත්වූ ප්‍රවාහන ඇමැති පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් මේ නියෝගය ඉවත් කළා.

ත්‍රිරෝද රථ සංගම් සමඟ දීර්ඝව සාකච්ඡා කරල තමයි 233/01 අති විශේෂ ගැසට්‌ පත්‍රය නිකුත් කළේ. මේ අනුව මෝටර් රථයේ මගී මැදිරියේ දකුණු දොරටුව වසා තැබීම, මගීන් ප්‍රමාණය සීමා කිරීම, ගමන් කරද්දී අත් පත්‍රිකා බෙදා නොහැරීම කළ යුතුය. පිටතට වන්නට භාණ්‌ඩ ප්‍රවාහනය නොකළ යුතුයි, මාර්ගයේ ගමන් කරන ජනතාවට පීඩා නොවන ශබ්ද නිකුත් නොකළ යුතුයි, රියෑදුරාගේ ඡායාරූපය සහ විස්‌තර මගියාට පෙනෙන ලෙස ඉදිරිපස ප්‍රදර්ශනය කළ යුතුයි. ත්‍රිරෝද රථවල අයකළ යුතු මුදල පිළිබඳ නියාමනයක්‌ නෑ. අනිවාර්යයෙන්ම මීටරයක්‌ සවිකළ යුතුයි කියා අපි තීරණය කළා. කිලෝමීටරයට රුපියල් 25 ක්‌ හෝ 30 ක්‌ අයකළ හැකියි. එවිට මගියාට කුමන ත්‍රිරෝද රථයෙද යායුත්තේ කියා තෝරා ගැනීමක්‌ කළ හැකියි. මගියාට අවශ්‍ය නම් රිසිට්‌ පතක්‌ නිකුත් කිරීම කළ යුතුයි. මේ සඳහා ත්‍රිරෝද රථ සංගම් කැමැත්ත පළ කළා.

ත්‍රිරෝද රථයේ පිටත විවිධ ඡායාරූප, චිත්‍ර ප්‍රදර්ශනය කරනවා. මහමඟ යන අයගේ අවධානය මීට යොමුවන නිසා අප ප්‍රකාශ කළා රථයේ අත්‍යවශ්‍ය තොරතුරු හැර වෙනත් කිසිවක්‌ ප්‍රදර්ශනය නොකළ යුතු බවට. සියයට 17 ක 18 ක මාර්ග අනතුරු සිදුවීමේ ප්‍රවණතාවක්‌ ත්‍රිරෝද රථ වලින් සිදුවන නිසා ඒ පිළිබඳ නියාමනයක්‌ අවශ්‍යයි. (නියෝජ්‍ය කථානායක මුලසුනට පැමිණේ)

ඇමැතිවරයා (- 2003 සිට 2016 දක්‌වා රිය අනතුරු සංඛ්‍යාව 366,167 යි. ඉන් මියගිය ප්‍රමාණය 25,624 යි. උතුරු – නැගෙනහිර යුද්ධයෙන් මියගිය ප්‍රමාණයට වඩා වැඩියි. අඩු වයසින් අත්දැකීම් අඩු තරුණයන් ත්‍රිරෝද රථ පැදවීම නිසා අනතුරු වැඩිවී තිබෙනවා. ඉදිරියේදී වයස අවුරුදු 35 න් අඩු අයට කුලියට දුවන ත්‍රිරෝද වලට බලපත්‍ර නොදීමට නීති ගෙන එනවා. කලින් ගත් අයට කරන්න දෙයක්‌ නෑ. ත්‍රිරෝද රථ මහමඟට එන එක පාලනය කිරීමේ ප්‍රතිපත්තියක්‌ මුදල් ඇමැතිතුමා හෝ ගෙන ආ යුතුයි. අවශ්‍ය ප්‍රමාණයට වඩා අතිරික්‌තයක්‌ තියෙනවා. බස්‌ රථත් එහෙමයි. අපි දැන් මාර්ග බලපත් දෙන්නෑ.

නියෝජ්‍ය කථානායක – බජාඡ් හදන්නේ ඉන්දියාවේ, නමුත් බොම්බේ බජාඡ් තහනම්.

ඇමැතිවරයා – අපිට එහෙම කරන්න බෑ.

වන්නි දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (ද්‍ර. ජා. ස.) චාර්ල්ස්‌ නිර්මලනාදන් මහතා,

ඉතා කාලෝචිත යෝජනාවක්‌. සිදුවන අනතුරු නිසා වන හානිය ප්‍රවාහන අමාත්‍යාංශය අවධානය යොමු කළ යුතුයි. පනත් සංශෝධනය මඟින් පමණක්‌ නොව ඒවා ක්‍රියාත්මක කිරීම කළ යුතුයි. පොලිසිය නිසි ලෙස වැඩ කළ යුතුයි. රටේ නීති තිබෙනවා. නමුත් ක්‍රියාත්මක කිරීම අභියෝගයක්‌ වී තිබෙනවා.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌ (එ. ජා. ප.) මන්ත්‍රී නලින් බණ්‌ඩාර මහතා

රට සංචාරක කලාපයක්‌ ලෙස සංවර්ධනය වී තිබෙනවා. නමුත් ප්‍රවාහනයේදී තිබෙන බාධාවන්a කරදරයක්‌. අසාධාරණ දුම්රිය වර්ජනවලට මුහුණදීමට රජයට ශක්‌තිය තිබිය යුතුයි. සාකච්ඡා කර ප්‍රශ්න විස¹ගැනීමට දැන් අවස්‌ථාව උදාවී තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයට කෑ ගසන අය තවදුරටත් ඒ ගැන සිතා කටයුතු කළ යුතුයි. පරිසර අධ්‍යයනයත් සමඟ කරන ව්‍යාපෘතියකින් රටට හානි වන්නේ නෑ. මධ්‍යම අධිවේගී මාර්ගය හදන්නේ නිවැරදි අධ්‍යයනයකින්. මහනායක නාහිමිවරුන්ව අවභාවිත කරමින් සිටිනවා නව ව්‍යවස්‌ථාව සම්බන්ධව. තවම නව ව්‍යවස්‌ථාවක්‌ හදලා නෑ.

දිවා විවේකයෙන් පසුව කාරක සභා නියෝජ්‍ය සභාපති සෙල්වම් අඩෙක්‌කලනාදන් මහතාගේ මුලසුන යටතේ සභාව රැස්‌විණි.

ගාල්ල දිස්‌ත්‍රික්‌ (එ. ජ. නි. ස.) මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා,

කාර්යක්‌ෂම සේවයක්‌ වූ දුම්රිය හා ලංගම ක්‍රමාණුකූලව බිඳ වැටෙන්නට පටන් ගත්තා. එය ඉතා කනගාටුවට කරුණක්‌. අති දුෂ්කර ගම්වල රෑ 9.00 ට, 10.00 ට ගමන් කරන්න බස්‌ රථයක්‌ තිබුණා. ඒත් අද සවස හයෙන්, හතෙන් පසු බස්‌ රථයක්‌ නෑ. ප්‍රධාන නගර වලින් පිටත්වන බස්‌රථ කාල සටහනකට ක්‍රියාත්මක වන්නේ නෑ.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌ (එ. ජා. ප.) මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා,

මාර්ග තදබදය නිසා කාලය, ශ්‍රමය, ධනය වැයවෙනවා. අද කුඩා මෝටර් රථ විශාල ලෙස මාර්ගයට පැමිණ තිබෙනවා. අද දෙමවුපියන් කරන බරපතළ වරද තමයි ගැටවරයන්ට ඉගිල යන්න යතුරුපැදි රැගෙන දීම. යුද්ධයෙන් පසු තරුණ පරපුර මියයන්නට තිබෙන ප්‍රධාන කරුණ තමයි රිය අනතුරු.

දිගාමඬුල්ල දිස්‌ත්‍රික්‌ (එ. ජ. නි. ස.) මන්ත්‍රී විමලවීර දිසානායක මහතා,

අද මේ ඉදිරිපත් කර තිබෙන නියමයන් අප අගය කරනවා. නිමල් සිරිපාල ද සිල්වා මහතා දක්‌ෂයි. ඒ නිසාම වී ගබඩාවක්‌ වෙන්න ගිය ගුවන් තොටුපළ ඒ මහතා බේරගත්තා. දශ ලක්‌ෂයක්‌ ත්‍රිරෝද රියෑදුරන් බවට මේ ආර්ථිකය පත්කර තිබෙනවා. මෙහි පළමු විත්තිකරුවා තමයි රටේ අධ්‍යාපනය. දරුවන්ගේ නිර්මාණශීලීත්වය මොට කරන විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය රටේ තරුණ පරපුර ත්‍රිරෝද රථ රැකියාවකට යොමුකර තිබෙනවා. පහ වසර ශිෂ්‍යත්වයේ සිට ඇරඹෙන විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයෙන් බිහිකරන නව තරුණ පරපුරට පහසුම රැකියාව ලෙස මෙය තෝරගෙන තිබෙනවා.

කෑගල්ල දිස්‌ත්‍රික්‌ (එ. ජා. ප.) මන්ත්‍රී සංදිත් සමරසිංහ මහතා,

පෞද්ගලික සහ ලංගම බස්‌රථ අතර ගැටුම් පවතිනවා. ඔවුන් මරා ගන්නවා. තමන්ගේ ගමන් වාරය නෑ කියලා රණ්‌ඩු වෙනවා. දුර බස්‌ රථ අධික වේගයෙන් ගමන් කරනවා. මේ නිසා අනතුරු වැඩියි.

ගම්පහ දිස්‌ත්‍රික්‌ (එ. ජ. නි. ස.) මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා,

අද අඹ ගෙඩියටත් උසාවි ගෙනයනවා. අඹ ගෙඩිය කඩපු මිනිහාට නඩු. මහ බැංකුව කඩපු අයට නඩු නෑ. රටේ තරුණ පරපුරට රැකියා අවස්‌ථා ලබාදෙන්න. ත්‍රිරෝද රථ වෙනුවෙන් අපි රුපියල් 300 ක ඉන්ධන දීමනාවක්‌ දුන්නා. මේ ආණ්‌ඩුව ඇවිත් එය නතර කළා. ත්‍රිරෝද රථ වලට නියාමනය, මීටර් හොඳ යෝජනාවක්‌. ආණ්‌ඩුව සහනදායී මිලට මේ මීටර් ලබාදිය යුතුයි. නැතිව ජනවරි 01 දා සිට මීටර් නැති ත්‍රිරෝද රථ ඇල්ලුවොත් ඒක අභග්‍යයක්‌. ත්‍රිරෝද රථ කැරැල්ලක්‌ ඇතිවේවි. මේක ජාත්‍යන්තරය දිනාගත් රටක්‌ලු. නමුත් ඇමෙරිකානු තානාපති කාර්යාලය ඇමෙරිකානු සංචාරකයන්ට අනතුරු හැඟවූවා ත්‍රිරෝද රථවල ගමන් කරන්න එපා කියලා. ඒ සම්බන්ධව රජයෙන් ප්‍රකාශයක්‌ ඉදිරිපත් වුණේ නෑ.

මහනුවර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (එ. ජා. ප.) ලකී ජයවර්ධන මහතා,

ත්‍රිරෝද රථ හඳුන්වා දුන්නේ ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කාලයේ කර්මාන්ත ඇමැති සිරිල් මැතිව් මහතා. මේ ව්‍යාපාරය මඟින් විරැකියාවට විසඳුම් ලැබී තිබෙනවා. එනිසා මේ ත්‍රිරෝද රථ නියාමනය කිරීම වැදගත්. නියාමනයට නියෝග නිකුත් කළත් නියාමනය කිරීම සඳහා කොමිෂන් සභාවක්‌ පත්කර දොළොස්‌ ලක්‌ෂයක්‌ වන ත්‍රිරෝද රථ නියාමනය කළ යුතුයි.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌ (එ. ජා. ප.) මන්ත්‍රී ඡේ. සී. අලවතුවල මහතා,

ගමනාගමනය අද නොයෙකුත් ක්‍රම මඟින් දියුණු වෙලා. නාගරිකරණයේදී කොළඹ, කුරුණෑගල, මහනුවර වැනි තදාසන්න නගරවල වාහන තදබදය නිසා දැඩි අපහසුතාවට පත්වෙලා. ඒ නිසා වාහන පිළිබඳ නියාමනයන්, පොදු ගමනාගමනය ගැන අලුත් වැඩ පිළිවෙළක්‌ හිතන්න ඕනෑ.

ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌ (එ. ජා. ප.) මන්ත්‍රී ඉම්රාන් මහරුµa මහතා,

රටේ වැදගත් අංශයක්‌ ලෙස ප්‍රවාහන අංශය හඳුන්වා දෙන්න පුළුවන්. ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවක්‌ බවට එය පත්ව තිබෙනවා. ත්‍රිරෝද රථ නිසා සිදුවන අනතුරු සම්බන්ධව කතා කරද්දී ඒවා අඩුකර ගැනීමට කතා කළ යුතුයි.

බදුල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී කේ. කේ. පියදාස මහතා (එ. ජා. ප.),

මාර්ග තදබදය නිසා විශාල ශ්‍රමයක්‌, ඉන්ධන ප්‍රමාණයක්‌ නාස්‌ති වෙනවා. මේ නාස්‌තිය නතර කර ගත්තා නම් අපට ග්‍රාමීය රෝහල් සඳහා ගත හැකියි. විශාල ණය කන්දක අපි සිරවී සිටිනවා. අද පාසල හැරගිය විගස ත්‍රිරෝද රථයක්‌ ලබාදෙන ලෙස දරුවන් මවුපියන්ට කරදර කරනවා. ගේ දොර උකස්‌ තියලා ළමුන්ට මේව අරන්දෙනවා. ඔවුන්ට අත්දැකීම් නෑ. අනතුරු වැඩි ඒ නිසයි. ඒ නිසා වයස්‌ සීමාව තිස්‌පහට අඩුකිරීම වැදගත්.

පත්කළ මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා,

රටේ අනතුරු වසරින් වසර වැඩිවෙලා. යතුරුපැදි අනතුරු වලත් වැඩිවීමක්‌. රටට නීති පද්ධතියක්‌ අවශ්‍ය වෙනවා. එනිසා මේ ක්‍රමවේද හරහා විනයගරුක රියෑදුරන් බිහිකරගන්න හැකි වෙනවා.

අදාළනියෝගඅනුමත විය.

උපුටාගැනීමකි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles