වයස අවුරුදු 14ක දැරියක් සිය නිවසේදීම බිළිඳෙකු ප්‍රසූත කරයි

0
332

වයස අවුරුදු දාහතරයි මාස නවයක් වෙන බාල වයස්කාර දැරියක් සිය නිවසේදී ම බිළිඳෙකු ප්‍රසූත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 29 හැවිරිදි විවාහක පුද්ගලයෙකු පූජාපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් ගම්මානයක පදිංචිව සිටින මෙම බාල වයස්කාර දැරිය එම ප්‍රදේශයට පැමිණි පුද්ගලයෙකු සමඟ ඇති කර ගත් හිතවත්කමක් මත දැරිය දූෂණයට ලක්ව ඇති බවට සැක කෙරෙනවා.

මෙලෙස සිදුව ඇති අතවර හේතුවෙන් දැරිය ගැබ් ගෙන ඇති අතර, එය සියලු දෙනාගෙන් සඟවාගෙන සිට ඇති බව සඳහන්.

කෙසේ නමුත් දින කිහිපයකට පෙර මෙ දැරිය නිවසේ දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය වෙද්‍ය සහාය නොලැබීම නිසා අධික රුධිර වහනයට ලක් වූ දැරිය පසුව මහනුවර මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

රෝහල මඟින් පූජාපිටිය පොලිසිය වෙත මෙම සිද්ධිය දැනුම් දීමත් සමඟ පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය මෙම දැරිය අතවරයට ලක් කිරිම සම්බන්ධයෙන් සැක පිට ගලගෙදර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි විවාහක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම බිළිදා සම්බන්ධයෙන් ඩී.එන්.ඒ . පරීක්ෂණයක් සිදු කිරීමට පොලිසිය පියවර ගෙන ඇති අතර, සැකකරු අද ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

පූජාපිටිය පොලිසිය මෙම සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ඇති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here