Monday, January 13, 2025

වයස අවුරුදු 30ට අඩු දියවැඩියාව වැනි නිදන්ගත රෝග ඇති පුද්ගලයන්ට කොවිඩ් එන්නත ලබාදෙන ලෙස ඉල්ලීමක්

වයස අවුරුදු 30ට අඩු පළවැනි කාණ්ඩයේ දියවැඩියාව ඇති පුද්ගලයන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලින් ඉල්ලා සිටින බව කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා පවසනවා.

ඊයේ (අගෝස්තු 02දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

එසේම දියවැඩියා සඳහා ඉන්සියුලින් සහ ඖෂධ ලබා ගන්නා පුද්ගලයන් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට මැළිකමක් දක්වන බවත් එය භයානක තත්ත්වයක් බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

කොවිඩ් වසංගතයේ වර්ධනය සමග දියවැඩියාව වැනි නිදන්ගත රෝග ඇති පුද්ගලයන්ට කොවිඩ් ආසාදනය වීමෙන් ඇතිවන මරණ වල වැඩිවීමක් පෙන්නුම් කරන බවද ඔහු සඳහන් කළා.

එම නිසා සියලු දෙනා කොවිඩ් මර්දන එන්නත ලැබෙන පළමු අවස්ථාවේදීම ලබා ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටිනවා.

දිවයින පුරා නිවාස 500ක් ආශ්‍රයෙන් සිදු කළ සමීක්ෂණයකදී දියවැඩියාව වැලඳී ඇති පුද්ගලයන් එන්නත ලබා ගැනීමට මැළිකමක් දක්වන බවට තහවුරු බවයි මෙහිදී විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කළේ.

 (colombotimes.lk)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles