Sunday, September 22, 2024

වරකාපොල මාර්ග තදබදයට විකල්ප මාර්ගයක්

කොළඹ -නුවර මාර්ගයේ ප‍්‍රධාන ගැටළුවක් බවට පත්වෙලා තිබෙන වරකාපොල නගරයේ මාර්ග තදබදය ජාතික ප‍්‍රශ්නයක් බවත්  වරකාපොල නගරයට අතුරු මාර්ගයක් සකස් කිරීමට කටයුතු කිරීමට උත්සාහකරන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, කොළඹ නුවර මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින වරකාපොල  නගරය මගහැර ගමනාගමන කටයුතු සිදුකිරීමට විකල්ප මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් පැවති නිරීක්ෂණ චාරිකාවකට සහ රැස්වීමකට සහභාගි වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා,
“අපි කිව්ව දෙවෙනි කාරණය තමයි පළාත් දෙකක විශේෂ ප‍්‍රශ්නයක් තිබුණා. බුත්ගමුව දුම්රියපොලට යන අයට සහ ඒ ප‍්‍රදේශයේ අයට වරකාපොල නගරයට ඒමට සැලසුම්කළ පාලමක් ඉදිකිරිම සම්බන්ධව. ඒ සම්බන්ධව අපි තීන්දු තීරණ ගණනාවකට ආවා. ඊළග සංවර්ධන කමිටු රැස්වීමේදී ඒවා අවසන් තීන්දු තීරණ බවට පත්කරනවා. ඒ තුළින් පළාත් දෙකක් එකතු කිරීමේ ව්‍යායාමයට උරදීමටත් අද අපිට හැකියාව ලැබුණා.
තුන්වන කාරණය තමයි වරකාපොල බස් නැවතුම්පොල. මෙම ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ වුනේ දැයට කිරුළට සමගාමීව. නමුත් එක් පුද්ගයෙකුගේ විරෝධතාවය මත එහි වැඩ නැවතිලා තිබුණා. අපි තීරණය කළා ඒ වැඩ නැවතත් ආරම්භ කරන්න. ඒ නිසා අද අපේ මේ රැස්වීම ජාතික ප‍්‍රශ්නයකට විසඳුම් සෙවීමේ, පළාත් දෙකක් යා කිරීමේ සහ මේ රටේ ප‍්‍රධාන නගරයක ප‍්‍රධාන ගැටළුවක් විසඳීමේ රැස්වීමක් බවට  පත්කරගැනීමට හැකිවුණා.
මෙම අවස්ථාවට වරකාපොල ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු සමසභාපතිවරු වන චම්පික පේ‍්‍රමදාස, ජයසිරි විජේතුංග, වයඹ විපක්ෂ නායක සමන් සෙනරත් යන මහත්වරුන්ද කෑගල්ල දිසාපති, මහලේකම්වරු ඇතුළු රාජ්‍ය නිළධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles