වර්ජනය අවසන් කරමින් සජබ මන්ත්‍රීවරැ අද සිට යළි පාර්ලිමේන්තු රැස්වීමිවලට එයි

0
436

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (08) සිට යළි පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වීමට තීරණය කර ඇති බව එම පක්ෂය කියයි.

ඊයේ (07)  පස්වරුවේ කථානායකවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවද පැවසේ

කතානායකවරයා සමඟ පැවති සාකච්ඡාවකින් පසු හෙට සිට යලි පාර්ලිමේන්තු සැසිවාරයන්ට සහභාගීවීමට තීරණය කළ බව, සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පා. ම. තිස්ස අත්තනායක පවසනවා.

මේ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ මෙම පාර්ලිමේන්තු වර්ජනය සමගි ජන බලවේගය ඊයේ දිනයේ පැවති නිවාස අමාත්‍යාංශයේ වැය ශිර්ෂ විවාදයට සහභාගී නොවීමට සිදුකරන ලද වැඩක් බවය.

ආරක්‍ෂාව ගැන පවසමින් පාර්ලිමේන්තු රැස්වීම් වර්ජනය කළ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වර්ජනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here