Tuesday, September 24, 2024

වර්ණ අන්ධතාවයෙන් පෙළුණු පියා පළමුවරට වර්ණ ලොව දකී

වර්ණ අන්ධතාව (Color Blindness)

ඇතැම් වර්ණ හඳුනා ගැනීමට අපොහොසත් වීම නිසා අප සමාජයේ බොහෝ පිරිසක් වර්ණ අන්ධතාවයෙන් පෙලෙති.කාන්තාවන්ට වඩා පිරිමි පක්ෂය මෙමගින් වැඩිපුර පෙලෙන අතර මේනිසා විවිධ වෘත්තීමය හා සමාජයීය ගැටලු රාශියකට ඔවුන් මුහුණ දෙති.

මිනිස් දෘෂ්ඨි විතානයේ ආලෝකයට හා වර්ණයට සංවේදී විවිධ සෛල ඇති අතර කේතු රූපී (Cone) සෛල ඉන් එක් වර්ගයකි.ඒවාමත රතු ,කොල හා නිල් වැනි විවිධ වර්ණයන් හඳුනා ගැනීමට වැදගත් වන ප්‍රතිග්‍රාහක (receptor) පවතී.නමුත් , ඇස් දෘෂ්ඨි ස්නායුවෙන් හෝ ඇතැම් විට මොළයේ පවතින ආබාධයක් හේතුකොටගෙන මෙලෙස වර්ණයන් හඳුනා ගැනීමේ හැකියාව ඇතමුන්ට අහිමිවේ.

වර්ණ අන්ධතාව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනු ලැබෙයි.

1. සම්පූර්ණ වර්ණ අන්ධතාවය-
මෙහිදී කිසිඳු වර්ණයක් පුද්ගලයාට හඳුනා ගැනීමට නොහැකි වන අතර මෙම තත්ත්වය අප සමාජයේ ඉතා දුලබ වෙයි.

2. අර්ධ වර්ණ අන්ධතාවය-
මෙහිදී ඇතැම් වර්ණ පමණක් හොඳින් වෙන්කර හඳුනා ගැනීමට රෝගියාට නොහැකි වෙයි.සම්පූර්ණ වර්ණ අන්ධතාව ඇති රෝගීන්ට වඩා මෙවැනි රෝගීන් සුලභ වන අතර ඔවුන් මුහුණ දෙන බාධක හා ගැටලුද අවම වෙයි.මේ සඳහා උදාහරණනම් –
a) රතු-කොළ වර්ණ අන්ධතාව (රෝගියාට රතු කොළ පැහැ වෙන්කර හඳුනා ගැනීමට නොහැකිය)
b) නිල් -කහ වර්ණ අන්ධතාව (නිල් හා කහ පැහැයන් වෙන්කර හඳුනාගත නොහැක.)

මෙවැනි බොහෝ රෝගී තත්ත්වයන් ජානමය මගින් උරුම වීමද විශේෂත්වයකි.

වර්ණ අන්ධතාව ඇතිවීමට බලපාන හේතු

මේ සදහා බලපාන හේතු රාශියක් තිබුනද, බොහෝ පුද්ගලයන්ට මෙම රෝගය උරුම වනුයේ වර්ණ දේහ ආශ්‍රිත සහලක්ෂණ හා අනෙතුත් රෝග ප්‍රවේණිකව උරුම වීමෙනි. බොහෝවිට X ලිංගික වර්ණ දේහය ආශ්‍රිතව මෙම රෝගී තත්ව පරම්පරාවෙන් ඉදිරියට ගමන් කරන අතර මේ නිසාම මෙවැනි රෝග පරිමින් අතර වඩාත් සුලබය. මෙලෙස උරුම වන රෝග කිහිපයකි.

1) x ලිංගික වර්ණදේහයන් නිලීනව පැතිරෙන රතු – කොළ වර්ණ අන්ධතාව
2) 7 වන වර්ණදේහය මගින් පැතිරෙන නිල් – කහ වර්ණ අන්ධතාව
3) දෘෂ්ටි විතානයේ කේතු ආකාර සෛල විනාශ කරවන Cone dystrophy
තත්වය.
4) වයසට යත්ම කහ බින්දුව ප්‍රදේශයේ ඇති ස්නායු සෛල මිය යාමට හේතුවන
රෝගී තත්වය.
5) දෘෂ්ටි විතානයේ ඇති වන Retinoblastoma වැනි පිළිකා තතව
6) දියවැඩියාව

මෙලෙස උරුම වන වර්ණ අන්ධතාව ඇතැතමුන් උපතේදීම පවතින අතර ඇතැමුන්ට ටික කලක් යන විට ක්‍රමානුකූලව මතුවෙයි. මීට අමරතව ප්‍රවේණිකව උරුම නොවන වර්ණ අන්ධතාව ඇති කිරීමට බලපවත්නා වෙනත් හේතු ද පවති.

1) දරුවන් භෞතිකව අපයෝජනයට ලක්කිරීම නිසා (උද- ගැසීම) දෘෂ්ටි විතානයට
හෝ මොළයට හානි සිදුවීම.
2) අනතුරු නිසා (උදා- රිය අනතුරු ) මොළයේ පිටුපස ප්‍රදේශය ඉදිමීම

3) නිසි ආවරන නොමැතිව දිකු වේලාවක් අව්වේ සිටම ආදිය නිසා පාරජම්බුල කිරණ වැඩිපුර ඇසට ඇතුල්වී ඇසේ දෘෂ්ටි විතානයට හානි සිදු වීම

වර්ණ අන්ධතාව සදහා කරනු ලබන ප්‍රතිකාර හා එය වලක්වා ගැනීම

වර්ණ අන්ධතාව විනිශ්චය කිරීමට මිල අධික විද්‍යාගර පරීක්ෂණ කල යුතු නැති අතර සරල වර්ණ සටහන් යෙදූ කාඩ්පත් (Ishihara chart) යොදවා ඉතා නිවැරදිව මෙම රෝගය විනිශ්චය කල හැක.

මෙම රෝගය වැලඳුන පසු එය නැවත නිවැරදි කරවීමට තවමත් කිසිදු ප්‍රතිකාර ක්‍රමයෙන් සොයා ගෙන නැත. නමුත් රෝගියාට සිය දෛනික වැඩ කටයුතු පහසුවෙන් යෙදිම විවිධ පියවර ගත හැක.

1) ඇතම් වර්ණ හදුනාගැනීම තරමක් පහසු කරවන අක්ෂි කාච වර්ග යොදනු
ලබයි.
2) මාර්ග යාඥා , හදිසි තත්ව දන්වන පුවරු ආදියේ විවිධ වර්ණ නොයොදා මෙම
රෝගන්ටද එම සංඥා තෙර්ම් ගත හැකිවන පරිදි සලකුණු යෙදීම ලබයි.
3) නවීන රූපවාහිනී , අන්තර්ජාලයේ වෙඩ් අඩවි, පරිගණක ආදියේ මෙවැනි
රෝගින්ට විවිධ වර්ණ හදුනාගැනීමට උපකාර කරවන මෘදුකාංග අඩංගු කර
ඇත.

පහත් ඇති වීඩියෝ සිටින පුද්ගලයායට ඔහුගේ උපන් දිනය වෙනුවෙන් වර්ණ අන්ධ අන්ධතාවය වෙනුවෙන් සකසා කන්නාඩි යුගලක් ලැබෙන අතර ඔහු පළමුවරට වර්ණ ලොව දකී

https://www.facebook.com/ClassicDadMoves/videos/919107344920888/

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles