වර්තමාන ආණ්ඩුවට වැදගත් වන්නේ ව්‍යාපාර මිස මිනිස් ජීවිත නෙවෙයි

0
297

ප්‍රමිතියෙන් තොර ගෑස් වෙළඳපලට නිකුත් නොකරන ලෙස ප්‍රමිති ආයතනය දැනුම් දී තිබියදීත් අදාල ගෑස් වෙළදපොලට නිකුත් කිරීමට කටයුතු කොට ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මිනිස් ජීවිත බිල්ලට ගන්නා ප්‍රමිතියෙන් තොර ගෑස් වෙළෙඳ පොළට නිකුත් කිරීම ආණ්ඩුව සිදු කරනා බලවත් පාප කර්මයක් සහ අපරාධයක් බව ඔහු කියා සිටී.

මේ සම්බන්ධයෙන් වගකිවයුතු අමතිවරු සොයා ගැනීමටවත් නොමැති බව ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම රට පුරා සිදුවන ගෑස් අනතුරුවලින් පීඩාවට පත්වන සහ හානි සිදුවන ජනතාවට වන්දියක්වත් ලබා දීමට ආණ්ඩුව මෙතෙක් කටයුතු කොට නැති බවත්
ඒ වෙනවිටත් ගෑස් පිපිරීම් වලින් ජීවිත කිහිපයක් අහිමිවී ඇති බවත් මෙම සියල්ලට වගකිව යුත්තේ ආණ්ඩුව බවත් ඔහු සඳහන් කරයි.

ආණ්ඩුවේ නොසැලකිලිමත්භාවය පිළිබඳ බලවත් අප්‍රසාදය පළ කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.

අද (18) ලුණුගම්වෙහෙර බෙරලිහෙල නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් එම නිවැසියන්ට සිදුවූ හානිය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදාළ නිවසට ගොස් සොයා බැලූ අවස්ථාවේදී මාධ්‍ය අමතා විපක්ෂ නායකතුමා මේ බව කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here