වර්තමාන පාලකයන් බොරු දේශප්‍රේමයක් හා සිංහල බෞද්ධ කමක් පෙන්වමින් රටේ ජාතික සම්පත් විකුණන් කනවා – පාතේගම ඥාණිස්සර හිමි

0
386

වර්තමාන පාලකයන් බොරු දේශප්‍රේමයක් හා සිංහල බෞද්ධ කමක් පෙන්වමින් රටේ ජාතික සම්පත් විකුණන් කන බවත් ඊට එරෙහිව තමන් වහන්සේ ජාතික සටනක් අරඹන බව පාතේගම ඥාණිස්සර හිමියෝ සදහන් කර සිටිති.

ඒ සඳහා ස්වදේශාභිමානී ජාතික ව්‍යාපාරය බිහිකරමින් උන්වහන්සේ මේ බව සදහන් කර සිටියහ.

රටේ ජාතික සම්පත් විකුණන පාලකයන් ඉන් පසු විදෙස් රටවල පදිංචියට යාමේ සැලසුමක් ඇති බවත් උන්වහන්සේ පවසා සිටියේය.

තවද සහරාන්ලා කරපු විනාශයට වඩා වැඩි විනාශයක් වත්මන් පාලකයන් රටට සිදු කරමින් සිටින බව පාතේගම ඤාණිස්සර හිමියෝ වැඩිදුරටත් සදහන් කර සිටිති.

මෙම තත්ත්වය වළක්වා ගැනීම සදහා තමන් ‌මෙම ජාතික සටන අරඹන බවද උන්වහන්සේ කියා සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here