වර්ෂාව මැද්දේ ජනතාව පැමිණේ….!

0
448

අද සහ සංචරණ සීමා ලිහිල් කෙරෙන සෙසු දිනයන් දෙකේදී විවෘතව තැබීමට අවස්ථාව හිමි වන්නේ සිල්ලර වෙළදසැල් ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ අලෙවිසැල්, මාලු, මස් සහ එළවළු වෙළදසැල්, ඉන්ධන පිරවුම්හල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා සපයන ආයතන පමණයි. අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නිවසින් බැහැර යා යුත්තේ එක් අයෙකු පමණක් බව නිවේදනය කර ඇත.

එමෙන්ම වාහන පාවිච්චිය තහනම් බවත් අත්‍යවශ්‍ය හෝ සාධාරණ හේතුවකට වාහන භාවිත කළ හැකි බවත් සදහන්ය.

දිවයින පුරා අධික වැසිසහිත කාලගුණයක් පවතිද්දි මෙකි රෙගුලාසි පිළිබදව ජනතාව පසුවන්නේ අප්‍රසාදයකිනි. එමෙන්ම සැලකිය යුතු වාහන ප්‍රමාණයක් මහාමාර්ගයේ ධාවනය වන්නේ වැසිසහිත තත්ත්වය මත විය හැකිය.

හැඳුනුම්පත් ක්‍රමය අද දින වලංගු නොවේ.

සේයා – චින්තක අබේරත්න (කටුබැද්ද ආසන්න තත්ත්වය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here