වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනිමට අවශ්‍ය මුදල් ලබාදීමට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එකඟ වුනා – අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය

0
319

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනිමට අවශ්‍ය මුදල් ලබාදීමට වෙළෙඳ එකඟ වූ බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පැවසීය.

සහල්, පරිප්පු, සීනි, අර්තාපල් සහ ලොකු ළුණු ඇතුළු අත්‍යාවශ ආහාර ද්‍රව්‍ය අසුරා ඇති කන්ටේනර් රැසක් වරායේ සිරවී ඇති බවත් කඩිනමින් ඩොලර් නිකුත් කළ හොත් එම භාණ්ඩ නිදහස් කර ගැනිමට හැකි බවත් එම සංගමයේ නියෝජිතයින් අමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් අවශ්‍ය මුදල් ලබා ගැනිම සදහා මහ බැංකු අධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ඩොලර් මිලියන 25ක් නිකුත් කිරිමට එකඟතාව පළ කළ බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

එම මුදල් නිකුත් කිරිම අද සිට සිදු කිරිමට නියමිතය.

මේ අතර විනිමය අනුපාත ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here