වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු කන්ටේනර් අද (07) සිට නිදහස් – ඇමති බන්දුල

0
288

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු කන්ටේනර් අද (07) සිට නිදහස් කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරනවා.

ඒ සඳහා අවශ්‍ය ඩොලර් බැංකු වෙත වරින් වර නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව එකඟතාව පළ කළ බව ද ඇමතිවරයා සඳහන් කරනවා.

මහ බැංකුව සමඟ එම කටයුතු සම්බන්ධීකරණය සඳහා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු යොමුකර ඇති බවත් මේ සම්බන්ධයෙන් බැංකුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ බවත් ඇමැති බන්දුල පවසනවා.

අල ,ලූනු , පරිප්පු ,මිරිස්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු කන්ටේනර් විශාල ප්‍රමාණයක් ඩොලර් නොමැතිවීම හේතුවෙන් වරායේ සිරවී ඇති බවත් ඒවා අද (07) සිට නිකුත් කිරීමත් සමඟ වෙළඳපොලේ භාණ්ඩ මිල ගණන් වල අඩුවීමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here