Wednesday, January 15, 2025

වරායේ සිරවුණු අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් කන්ටෙිනර් මුදාහැරීමට ඩොලර් මිලියන 30 -35 ක අවශ්‍යතාවක් – ආනයනකරුවන්ගේ සංගමය

කොළඹ වරායේ සිරවී ඇති ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් කන්ටේනර් පිළිබද තොරතුරු සහිත වාර්තාවක් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයකරුවන්ගේ සංගමය විසින් වෙළද අමාත්‍යාංශය වෙත භාරදී තිබෙනවා.

ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරාය තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් කන්ටේනර් ප්‍රමාණය 2,000 කට ආසන්නයි. ඒවා මුදාහැරීම සදහා ඩොලර් මිලියන 30ත් 35 ත් අතර මුදලක් අවශ්‍ය වනු ඇති බවද අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා. 

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න කියාසිටියේ අදාළ වාර්තාව වෙළද අමාත්‍යාංශය මගින් සහතික කර අවශ්‍ය ඩොලර් මුදාහැරීම සදහා මහබැංකුවට ඉදිරිපත් කරනු ඇති බවයි. 

කොළඹ වරායේ සිරවී තිබෙන අත්‍යවශ්‍ය ආහාර ඇතුළත් කන්ටේනර් මුදාහැරීම සදහා අවශ්‍ය ඩොලර් ලබාදීමට ජනාධිපතිවරයාද පසුගියදා මැදිහත් වුණා. ඒ අනුව එම කටයුතු ක්‍රියාත්මක කිරීම සදහා මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කෙරුණා. 

ඒ අනුව වරායේ සිරවී ඇති කන්ටේනර් ඉදිරි දින කිහිපය තුළ නිදහස් කර ගැනීමට හැකිවනු ඇති බවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය විශ්වාසය පළ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles