Wednesday, January 15, 2025

වරායේ සිරවූ භාණ්ඩ නිදහස් කරගැනීම සඳහා මහ බැංකුව ඩොලර් මුදා හරී

කොළඹ වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඇරිකානු ඩොලර් මිලියන 5 ක මුදලක් මුදාහැර තිබේ.

වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේ කොළඹ වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් නිදහස් කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 14ක මුදලක් අවශ්‍යව ඇති බවය.

ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 5 ක මුදලක් මෙලෙස මුදා හැර ඇති අතර ඉතිරි මුදල් ලබන සඳුදා වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබාදීමට නියමිත බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේය.

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ භාණ්ඩවල තොරතුරු ඇතුළත් වාර්තාවක් වෙළෙඳ අමාත්‍යාංශය විසින් පසුගියදා මහ බැංකුව වෙත භාර දී තිබුණි.

සහල්, සීනි, පරිප්පු, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දහසකට අධික සංඛ්‍යාවක් මෙරට පවතින ඩොලර් හිඟය හේතුවෙන් තවමත් කොළඹ වරාය තුළ සිරවී ඇති බව වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles