Friday, January 10, 2025

වරායේ හිරවූ බහලුම් මුදාගන්න ආනයනකරුවන් යළි මහබැංකු අධිපතිගේ පිහිට පතයි

ඩොලර් හිඟය හේතුවෙන් තවදුරටත් පරිප්පු, අල, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහිත බහලුම් දහසක් පමණ කොළඹ වරායෙන් මුදාගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය අද වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සමග සාකච්ඡා කිරීමට නියමිතයි.

මීට පෙර වාර්තා වූයේ බහලුම් 1,200ක් පමණ ඩොලර් නොමැතිව කොළඹ වරාය තුළ සිර වී ඇති බවයි.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුළ ඉන් බහලුම් 200ක් පමණ මුදාගැනීමට හැකි ව තිබෙනවා.

ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් දිගින් දිගටම කොළඹ වරායේ සිරව පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

ඒ අනුව එම බහලුම් නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් නිකුත් කරන ලෙස බැංකුවලට මහබැංකු අධිපතිවරයා අවශ්‍ය උපදෙස් ලබා දී තිබුණා.

කෙසේ වෙතත්, දැනට සති දෙකක පමණ කාලයක සිට යළිත් වරක් වරාය පරිශ්‍රයේ බහලුම් දහසක් පමණ ගොඩගැසී ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

මෙම බහලුම් නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් ලබාදෙන ලෙස  පසුගිය සතියේ අදාළ අංශ වෙත දැනුවත් කිරීම් කළ ද මේ දක්වා විසදුමක් ලැබී නොමැති බව ඔවුන් කියා සිටියේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles