වරාය අධිකාරියට රුපියල් බිලියන 11ක ලාභයක්

0
471
අභියෝග රැසක් හමුවේ පසුගිය වර්ෂයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් බිලියන 11ක ලාභයක් ලැබීමට සමත් වී ඇති බවත් එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 83ක වැඩි වීමක් බවත් වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍ර‍වණාගාරයේ අද (9) පැවති වාර්ෂික ප්‍රගති සමාලෝචන මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
‍ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පසුගිය වසරේ ආදායම රුපියල් බිලියන 44ක් වන අතර එම ආදායමෙන් මෙහෙයුම් වියදම්, පරිපාලන වියදම්, ණය පොලිය සහ වෙනත් වියදම් අඩු කිරීමෙන් පසුව පසුගිය වසරේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ලාභය රුපියල් බිලියන 11ක් බවත් එය 2015 වසරට සාපේක්ෂව රුපියල් බිලියන 5ක වැඩි වීමක් බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් පැවසීය.
එමෙන්ම 2016 වර්ෂයේදී හම්බන්තොට වරායේ ණය සහ පොළිය ලෙස රුපියල් මිලියන 7,100 ක් ගෙවන්නට සිදු වී ඇති බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය එම වසරේදී ගෙවූ සම්පූර්ණ ණය සහ පොලී මුදල රුපියල් මිලියන 16, 700 ක් බවත් එනිසා මෙවැනි දුෂ්කරතා රැසක් තුළ මෙම ජයග්‍රහණය ලබා ගත් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
පරිපාලනයේ නිසි කළමනාකාරීත්වය සහ සේවකයින්ගේ දැඩි කැපවීම නොවන්නට මේ ජයග්‍ර‍හණය ලබා ගත නොහැකි බව ද අමාත්‍යවරයා පැවසීය. වරාය අධිකාරියේ නාස්තිය දූෂණය පිටුදැකීමත්, අනවශ්‍ය වියදම් කපා හැරීමත් මේ ජයග්‍ර‍හණයට හේතු වු තවත් කරුණක් බව ද ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here