Saturday, September 21, 2024

වරාය, ඉන්ධන ඇතුළු සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා කරමින් විශේෂ ගැසට් නිවේදනයක් !

වරාය, ඉන්ධන, තැපැල් ප්‍රවාහන සහ රජයේ බැංකු ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජන ජීවිතයට අත්‍යවශ්‍ය අදාළ සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම එහි අරමුණ බව සඳහන්.

ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා ඊයේ (29) මෙම ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබුවා.

ඊට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොරෝනා නිවරණය සම්බන්ධයෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්හි සඳහන් වන කරුණු ද සැළකිල්ලට ගෙන තිබෙනවා.

අදාළ සේවාවන්ට අදාළ රාජ්‍ය සංස්ථා, රජයේ දෙපාර්තමේන්තු, පළාත්පාලන ආයතන සහ රාජ්‍ය බැංකු ලංකා සතොස ඇතුලු ජනතාවට පාරිභෝගික ද්‍රව්‍ය සැපයීම සදහාවන සේවාවන් ආදිය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්වනවා.

ග්‍රාම නිළධාරින් – සමෘද්ධි සංවර්ධන නිළධාරින් සහ කෘෂි පර්යේෂණ සහකාර ඇතුලු ක්ෂේත්‍ර මට්ටමේ නිළධාරින්ගේ සේවාවන්ද අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්වනු ඇති.

එමෙන්ම වරාය අධිකාරියට අදාළ සේවාවන් හා නැව්වලින් ඉන්ධන බැහැර කිරීම, ප්‍රවාහනය, ගොඩබෑමට අදාළ සියලුම සේවාවන්, පෙට්‍රෝලියම් නිෂ්පාදන හා ද්‍රව වායු ඇතුලු සියලුම ඉන්ධන සැපයුම් හා බෙදාහැරීමේ කටයුතු, දුම්රිය භාණ්ඩ ප්‍රවාහන කටයුතු සහ ගමනාගමන මණ්ඩලය මගින් සිදුකරන පොදු ප්‍රවාහන සේවාවන් ද මෙලෙස අත්‍යවශ්‍ය සේවාවන්ට ඇතුළත්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles