Monday, September 23, 2024

වරාය නගරයෙන් රජයට අයත් වීමට තිබූ කොටසේ 10% ක් යහපාලනය චීන සමාගමට පවරා දුන්නා

වරාය නගරය සම්බන්ධයෙන් විපක්ෂය ගෙන යන ප්‍රචාරයන් සම්පූර්ණ අසත්‍ය බවත් ඒවා නිසි අධ්‍යයනයකින් යුතුව ජනතාව සත්‍ය දැනගත යුතු බවත් ප්‍රජාතන්ත්‍රික වාමාංශික පෙරමුණේ නායක හා ජලසම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ සිය අමාත්‍යාංශයේ ඉකුත් (29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද කීය:

වරාය නගරය ගොඩ නැගීම ආරම්භ වන්නේ අපේ ආණ්ඩුවක් යටතේ. මේක පටන් ගත්තේ ඒ හදන සමාගමට 33%යි. ඊළඟට පොදු සාමාන්‍ය මහජනයාගේ අවකාශය 33%යි. විවිධාකාර මහජන අවකාශයන් හා රජයට 33% යි. වශයෙන්. ඒත් යහපාලන ආණ්ඩුව ආපු හැටියෙ මේ වරාය නගරයේ කටයුතු නැවැත්තුවා. නැවැත්තුවට පස්සේ අවුරුද්දක් ගියා. ඊට පස්සේ ඒ ඉදිකිරීම් අංශය භාර ගෙන තිබුණු ඒ චීන සමාගම නඩු දැම්මා. නඩු දාලා ඉවර වෙලා බරපතළ වන්දියක් ඉල්ලුවා. ඒ ගොල්ලන් මේ ගිවිසුමට ඇවිල්ලා කරපු වියදම් වලින් ඒගොල්ලන්ට වෙච්ච අලාභය ඉල්ලා. ඒ පාර යහපාලන ආණ්ඩුව කළේ මොකද එහෙමනං නඩු යන්න ඕනෙ නෑ අපි ඕගොල්ලන්ට තව 10%ක් දෙන්නම් කියලා ඒගොල්ලන්ට තිබුණු 33% චීන සමාගමට 43% කළා. ඒක අඩු වුණේ අපෙන්. අර පොදු පහසුකම් සඳහා තිබෙන 33% ප්‍රදේශයේ එහෙම්මම තියෙනවා. එහෙම තමයි අපට තිබුණ 33% තවත් 10%කින් අඩු වුණේ. ඒ අඩුවෙච්ච 10% අය කරගන්න තියෙන්නේ සජිත් ප්‍රේමදාස – රනිල් වික්‍රමසිංහ ඇතුළු යහපාලන ආණ්ඩුවෙන්. එහෙම ක්‍රමයක් අපේ රටේ නීතියේ නෑ. ඒකයි අඩුපාඩුව කවුරුහරි ආණ්ඩු පාලනයක් ගෙන යන කාලයේ යම් ආණ්ඩු තීරණයක් අරගත්තොත් ඒ තීරණය පසුකාලීනව රටට හානියක් හා අලාභයක් වුණොත් ඒක ඒ පුද්ගලයන්ගෙන් අය කර ගැනීමෙ ක්‍රමයක් තියෙන්න ඕනෑ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles