ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (31) කොළඹ වරාය නගර ආර්ථික කොමිසම පත් කර තිබෙනවා.
ඒ අනුව, එහි සභාපතිත්වය හිමිවන්නේ ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතාටයි. එතුමා වත්මන් අග්‍රාමාත්‍යවරයාගේ නිතීඥයා ලෙසද කටයුතු කරනවා.
එහි සෙසු සාමාජිකයන් වන්නේ
- භාණ්ඩාගාර ලේකම් එස්. ආර් ආටිගල
- ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම
- හිටපු ආයෝජන මණ්ඩලයේ සභාපති සාලිය වික්‍රමසූරිය
- ඕරල් කෝපරේෂන්හි කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු
- මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස්හි කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ජෝර්ජ් ඔන්ඩැට්ජි
- මැක්ලරන්ස් සමූහයේ සභාපති / කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් ද සිල්වා