Wednesday, December 25, 2024

වරාය සේවකයෝ අකුරට වැඩ

වරාය සේවකයින් ආරම්භ කළ “අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය” මේ වනවිට ඉතා සාර්ථකව සිදු කෙරෙමින් පවතින බව වෘත්තිය සමිති පවසති.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට එරෙහිව ඔවුන් මෙලෙස අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කර තිබේ.

අද (29) දහවල් “වරාය ගේට්ටු අංක 3” ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදුකිරීමෙන් අනතුරුව ඔවුන් මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළේය.

ඊට වරායේ සියලු සේවකයින් එක්ව සිටින බව වරාය අධිකාරියේ නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කලුතරගේ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳ අදහස් දැක්වූ වරාය සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පවසා සිටියේ, වැඩ වර්ජනවලින් තොරව ප්‍රශ්න විසඳා ගැනීමට කටයුතු කළ යුතු බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු දයා රත්නායක මහතා, 

“වර්ජනයකට ගියොත් වැඩ කරන්න මිනිස්සු නැතුව වරායේ වැඩ කරන්න බැහැ. ඒකට අපි සුදුස්සෝ හදලා තියෙනවා. ඒ නිසා තමයි අපි වරාය සේවකයින්ට කියන්නේ, මේ වැඩ වරලා, වැඩ කඩාකප්පල් කරලා, ගමනක් නෑ අපි කාටවත්. ඒ නිසා එහෙම නෙමෙයි වෙන්න ඕනේ මේවට අලුත් විදියට හිතලා වැඩ කරන්න ඕනේ. ඒ නිසා අපි වෘත්තීය සමිති එක්ක සාකච්ඡා කරලා තියෙනවා. වෘත්තීය සමිති අපිත් එක්ක එකඟයි. ඒ නිසා අලුත් විදියට හිතලා වැඩ වර්ජනයකින් තොරව අපි මේ ප්‍රශ්නය විසඳා ගැනීමට වැඩ කරනවා කියන එකයි අපේ විශ්වාසය. අපි අවසාන නිගමනයකට ඇවිල්ලා නෑ. මේ තාම තියන්නේ ගිය රජය විසින් අත්සන් කරපු ගිවිසුමක්, රාජත්‍රාන්ත්‍රික මට්ටමක ගිවිසුමක්. එයට පසුව කැබිනෙට්ටුවෙන් මේක අධ්‍යයනය කරලා අපිට වාර්තාවක් ඉල්ලලා තියෙනවා. අන්න ඒ වාර්තාව ඉස්සරහට එනවා. එතකොට වෘත්තීය සමිති හා සියලුදෙනා බලන්න අපි කොහෙද ඉන්නේ කියලා. ඒකෙ ප්‍රශ්නයක් තියෙනවා නම් තමයි වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගවලට යන්න ඕනේ කියන එකයි අපි පැහැදිලි කරන්නේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles