වව්නියාවේ පාසලක තිබී බෝම්බයක් හමුවෙයි

0
612

වවුනියාව නෙඩුන්කේනි මහා විද්‍යාල භූමියේ තිබි බිම් බෝම්බයක් ඊයේ (09) දහවල් සොයාගත් බව වවුනියාව නෙඩුන්කේනි පොලිසිය පැවැසීය.

පොලිසිය පැවසූවේ විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ස්ථානයක තිබී පාසලේ දරුවන්  බෝම්බය දැක ඇති අතර අනතුරුව විදුහල්පතිවරයා දැනුවත් කොට ඇති බවයි.

බෝම්බය දැකීමෙන් පසු විදුහල්පතිවරයා විසින් වහාම දරුවන් අදාළ ස්ථානයෙන් ඉවත් කොට පසුව පොලිස් නිලධාරීන් දැනුවත් කොට ඇති බවද පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක‍්‍රීය අංශය විසින් අද (10) විද්‍යාලයෙන් දරුවන් ඉවත් කොට බෝම්බය ගොඩ ගැනීමට නියමිත බවද පොලිසිය වැඩිදුරටත් පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here