Saturday, January 11, 2025

වසන්ත කරන්නාගොඩට එරෙහි අධිචෝදනා ඉවත් කිරීමට විරුද්ධ ගොනු කළ පෙත්සම ඉවතට

කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට චෝදනා කරමින් හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව ගොනුකර ඇති අධි චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා එම තරුණයින්ගේ දෙමව්පියන් ගොනු කල රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (10) නියම කළා.

පුද්ගලයකුට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කිරීමේ හෝ නොකිරීමේ බලය නීතිපතිවරයා සතුවන බැවින් අධිකරණය ඊට මැදිහත් නොවන බවයි එහිදී සඳහන් කෙරුණේ.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවනු ලැබුවා.

හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව ඇති අධිචෝදනා ඉවත් කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණය නීතිවිරෝධී තීරණයක් වන බැවින් එය අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් කරන ලෙස ද නඩුව තවදුරටත් පවත්වාගෙන යන ලෙස නීතිපතිවරයාට බල කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලීමක් කර තිබුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles