Friday, January 17, 2025

වසන්ත කරන්නාගොඩට එරෙහි චෝදනා නීතිපතිවරයා ඉවත් කර ගනියි

තරුණයින් 11 ක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව නඩු පවරන්නේ නැති බව නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

2008 සහ 2009 දී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් පවරා ඇති මෙම නඩුවට අදාළව චෝදනා ගොනු නොකරන බව දෙපාර්තමේන්තුව කොළඹ මහාධිකරණයේ නඩු විභාගයේදී අද දැනුම් දුන්නේය.
තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරන්නාගොඩ ඇතුළු 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබුණි.මෙම නඩුවේ 14 වන විත්තිකරු වන්නේ වසන්ත කරන්නාගොඩයි.

නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා පත්‍රය අවලංගු කරන ලෙස කරන්නාගොඩ ඉන්පසුව රිට් පෙත්සමක් ගොනු කළේය.

චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද පෙරවරුවේ මෙම නඩුව කැඳවනු ලැබුවා.

නීතිපතිවරයාගේ මෙම තීරණය අභියාචනාධිකරණය වෙතද දැනුම්දීමට බලාපොරොත්තු වන බව ජනක බණ්ඩාර මහතා අද අධිකරණය හමුවේ කියා සිටියා.

එහිදී කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නීතිපති පාර්ශවය වෙත දැනුම් දී ඇත්තේ අභියානාධිකරණය විසින් ලබන 30 වෙනිදා ලබාදෙන තීරණය මෙම නඩුව නැවත කැදවීමට නියමිත සැප්තැම්බර් 22 වෙනිදා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වෙත ප්‍රකාශ කරන ලෙසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles