Thursday, January 16, 2025

වසර ගණනකට පසු සතොස ලාභ ලබයි

වසර ගණනකට පසු පසුගිය දෙසැම්බර් මාසය තුළදී පමණක් සතොස රුපියල් මිලියන 41680 ක වාර්තාගත පිරිවැටුමක් සමගින් රැපියල් මිලියන 45 ක ශුද්ධ ලාභයක් ලබා ඇතැයි වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එමෙන්ම සතොස මේ වසරේදී බිලියන 43 ක වාර්තා ගත වාර්ෂික ආදායමක් ලබා ඇති බවත් පාඩු ලබමින් තිබූ සතොස ජනතාවට සහන මිලට භාණ්ඩ සපයමින් ලාබ ලබන තත්ත්වයට පත්කිරීමට හැකි වූ බවත් බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

පසුගිය පාලන කාලයේ සතොස රුපියල් බිලියන 20 ක අලාභයක් ලබා තිබූ බවත්, සැපයුම්කරුවන්ට ගෙවීමට තිබූ රුපියල් බිලියන 8 ක් සමඟ රුපියල් බිලියන 28 ක අලාභයක් ලබා තිබූ බවත් පැවසීය.

මෙම ආයතනය භාරගෙන ඉතා කෙටි කාලයක් තුළ ලාබ ලබමින් සේවකයන්ට මේ වසරේදී වාර්ෂික ප‍්‍රසාද දීමනා ලබාදීමට හැකි වූ බවත් සඳහන් කළේය. මෙවර සතොස ලාබ ලැබූ නිසා සියලූ සේවකයන්ට රුපියල් 30,000 බැගින් වාර්ෂික ප‍්‍රසාද දීමනා ලබාදීමට හැකි වූ බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

වසර ගණනක් පාඩු ලබමින් තිබූ ආයතනයක් අද ලාබ ලබන තත්ත්වයට පත්කිරීමට හැකිවීම අප ලැබූ ජයග‍්‍රහණයක් බවත් පැවසූ ඇමැතිවරයා සතොස පවත්වාගෙන යන්නේ සාමාන්‍ය ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ සහනදායී මිලට සැපයීමට බවත් පැවසීය. සතොස ලැබූ දල අලාභය පසුගිය වසරට වඩා මේ වසරේ සියයට 56 කින් අඩුකර ගැනීමට හැකි වූ බවත් සඳහන් කළේය.

සත් වසරකට පසුව ලංකා සතොස ලාබ ලැබීමේ ගෞරවයෙන් කොටසක් සියලුම මාධ්‍ය ආයතනවලට ද හිමි විය යුතු බවද අමාත්‍යවරයා පවසා සිටියා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ලංකා සතොස ආයතනය 2021 වසරේ දී ලාබ ලබන තත්ත්වයට පත් කරගත හැකි වූ ආකාරය පිළිබඳව ඊයේ (05) පැවති මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

2015, 2016, 2017, 2018 හා 2019 යන වසරවල දී යහපාලන රජය විසින් ලංකා සතොස ආයතනයට අත් කර දී තිබුණේ රු. බිලියන 20ක අලාභයක් හා රු.බිලියන 8ක් වූ සැපයුම්කරුවන් සඳහා ගෙවිය යුතු මුදලක් ඇතුළුව රු.බිලියන 28ක ණය කන්දක් පමණක් බවයි වෙළෙඳ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ.

මෙම රු.බිලියන 28ක ණයත් සමග තවදුරටත් අගාධයටම ඇදෙමින් පැවති ලංකා සතොස කිසිදු චකිතයින් තොරව තම්න් භාරගත් බව සඳහන් කළ අමාත්‍යවරයා පැවසුවේ, එය යළි සාමාන්‍යකරණයට ගැනීමට දැඩි පරිශ්‍රමයක් ගැනීමට සිදු වූ බවත් , ඒ සඳහා තමන් හට වෙළෙඳ අමාත්‍යාංශ ලේකම්තුමිය මෙන්ම කාර්ය මණ්ඩලයත්, ලංකා සතොස සභාපතිවරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී රංජිත් ජී.රූබසිංහ සහ සමස්ත කාර්ය මණ්ඩලයෙත් අප්‍රතිහත ධෛර්යය හා කැපවීම මත මාස 16ක කාලයක් තුළ දී ලංකා සතොස මේ වනවිට ලාබ ලබන තත්ත්වයට පත් කර ගැනීමට හැකියාවක් ලැබුණු බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

මෙලෙස ගොඩගත් සතොස ජාවාරම්කාර වෙළෙඳ ප්‍රතිපත්තීන් පවත්වාගෙන යන ඇතැම් පිරිස් වෙත මරු පහරක් වූ අතර, එය සිය නිලධාරින්ට ද දැඩි බලපෑම් ඇතැම් විට දී ගෙන දුන් බව සිහිපත් කළ අමාත්‍යවරයා පැවසුවේ, මෙම අර්බුදකාරී අවස්ථාවේ දී පවා රටේ සියලුම මාධ්‍ය ආයතන විසින් සතොසෙ පවතින අඩුපාඩු පෙන්වා දෙමින්, ඒවා අනාවරණය කරමින් තම අමාත්‍යාංශයට ලබාදුන් මනා සහයෝගය හේතුවෙන් මෙවැනි ලාබ අත්කර ගැනීමට හැකි වීම මත මෙම ජයග්‍රහණයේ කොටසක් සියලුම මාධ්‍ය වෙත ද හිමි විය යුතු බවයි.

මෙි අතර වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් මාධ්‍යවේදීන් විශාල පිරිසකට තරුපහේ සාදයක් කැඳවා තිබේ.

පෙරේදා (4) පස්වරුවේ වෝටර්ස් ඒජ් හෝටලයේ මෙම සාදය පැවැති අතර ඊට සහභාගි වූ මාධ්‍යවේදීන්ට රුපියල් 5000 ක් වටිනා සතොස වවුචර් පතක් ලබාදීමට කටයුතු කළා.

එක් මාධ්‍ය ආයතනයකින් මාධ්‍යවේදීන් තිදෙනෙක්ට වැඩි ප්‍රමාණයකට මෙම සාදයට ඇරයුම් ලැබුනු අතර ඊට විශාල මුදලක් වෙන්කොට තිබෙනු දක්නට ලැබුණා

මෙි අකර ලංකා සතොස නමින් ජල බෝතල් අලෙවිය ඊයේ සිට ආරම්භ කළා.

ලංකා සතොස නමින් එස්.එල්.එස්. සහතිකය ඇති කුඩා ප්‍රමාණයේ ජල බෝතලයක් රුපියල් 35 කට අලෙවි කරන බවත් පරිසර දූෂණය වැළැක්වීමේ පියවරක් ලෙස එම හිස් ජල බෝතලයක් රුපියල් 10 කට නැවත ලබා ගැනීම නිසා පාරිභෝගිකයාට ජල බෝතලය වෙනුවෙන් රුපියල් 25 ක් පමණක් වැයකිරීමට සිදුවන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

පාවිච්චි කරන ලද එම හිස් ජල බෝතලයක් රුපියල් 10 කට නැවත මිලදී ගන්නා බවත් සතොසට මෙම ජල බෝතල් අලෙවියෙන් සියයට 25 ක ලාභ කොටසක් හිමිවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles