ආදීවාසී නායක විශ්වකිර්තී වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ ඉල්ලීමකට අනුව ස්කොට්ලන්තයේ එඩින්බරෝ කෞතුකාගාරයේ තැම්පත් කර තිබු වසර 200 වඩා පැරණී මේරට ආදීවාසීන්ගේ හිස්කබල් හා අස්ථි කොටස් ශ්‍රී ලංකාවට රැගෙනවිත් දඹාන ආදීවාසී ජන උරුම කෞතුකාගාරයේ තැන්පත් කර මහජන ප්‍රදර්ශනයට විවෘත කිරීම ආදීවාසී නායකතුමාගේ ප්‍රධානත්වයෙන් (10) සිදු කෙරිණි.ජාතික උරුම,ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ මුලිකත්වයෙන් මෙම කටයුතු සිදු කෙරුණි.ආදීවාසීන්ගේ හිස්කබල් සහ අස්ථි කොටස්,ආදීවාසීන් පිළිබඳ පර්යේෂණ කටයුතු සිදු කළ දේශීය හා විදේශීය පර්යේෂකයින්,ආදීවාසීන්ගේ හිස්කබල් පිළිබද විද්‍යාත්මක දත්ත ආදී නව තොරතු රැසක් ඇතුළත් කොට මෙම නවීන කෞතුකාගාරය නිර්මාණය කර තිබේ.ආදීවාසී ජනතාවට මතුව ඇති ගැටලු පිළිබඳව සොයා බැලීම හා ඒවාට ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම, ඔවුන්ට එදිනෙදා ජීවන කටයුතු සිදු කිරීමට අවශ්‍ය උපකරණ ආදී ද්‍රව්‍ය ලබා දීමක්ද මෙහිදී සිදු කෙරිණි.ජාතික උරුම,ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ති ජයසිංහ, ආදීවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්,හෙන්නානිගල ගුණබණ්ඩියා ඇත්තන්,මහියංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) එම්.එල්.එම්. මුසම්මිල්, ජාතික උරුම රාජ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සැලසුම්) සෝමසිරි ඒකනායක,දඹාන ග්‍රාම නිලධාරී ඩබ්.එම්.ජී.එස්. විජේකොන්, යන මහත්ම මහත්මිහු සහ රාජ්‍ය නිලධාරිහු,ආදීවාසීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වුහ.







