වසර 21කට පසුව විශ්ව රූ රැජිණ කිරුළ ඉන්දියාවට

0
337

2021 වසරේ විශ්ව රූ රැජින කිරුළ (Miss Universe 2021) දිනා ගැනීමට 21 හැවිරිදි වියේ පසුවන ඉන්දියාවේ හර්නාස් සන්ධු සමත් වූවාය.

ඊශ්‍රායලයේ එයිලාට් හිදී 70 වැනි විශ්ව රූ රැජින තරගාවලිය පැවැත්වුණි.

ඉන්දියාව වසර 21කට පසුව විශ්ව රෑ රැජින කිරළක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාවද මෙය වෙයි. අවසන් වරට ලාරා දත්තා 2000 වසරේ පැවැති විශ්ව රෑ රැජින තරගාවලියේ ජයග්‍රහණය දිනා ගත්තාය.

මෙවර තරගාවලියේ අවසන් රූප රාජිනියන් තිදෙනා අතරට ඉන්දියාවේ හර්නාස්ට අමතරව පැරගුවේ සහ දකුණු අප්රි කාවෙන් ඉදිරිපත්ව සිටි රූප රාජිනියන් තේරී පත්ව තිබේ.

2020 වසරේ විශ්ව රූ රැජින කිරුළ දිනූ මෙක්සිකෝවේ ඇන්ඩ්රිනයා මෙසා විසින් හර්නාස් හට කිරැළු පැළැදවිම සිදු කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here