Saturday, January 11, 2025

වසර 3ක් ඇතුළත නිවාස ලක්ෂ 5ක් නිවාස ව්‍යාපෘති දෙකක වැඩ දැනටමත් අවසන්

වසර 2019 වන විට නිවාස ලක්ෂ 5ක් ඉදි කර, සහනදායි මිලකට ජනතාවට ලබා දෙමින් නිවාස අහිමි සියලු ජනතාවට නිවාස ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි නිවාස අමාත්‍යාංශය පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල­්පයක් මත, නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයවීමෙන් සිදු කරනු ලබන මේ නිවාස වැඩසටහනේ වාද්දුව හා හෝමාගම නිවාස ව්‍යාපෘති මේ වන විටත් නිම කර ඇති බවත්, ජාඇළ ව්‍යාපෘතිය ඉදි කරමින් තිබෙන බවත්, රාගම නිවාස ව්‍යාපෘතියට පසුගිය 9 වැනිදා මුල් ගල් තැබූ බවත් අමාත්‍යාංශය පවසයි.

අඩු හා මධ්‍ය ආදායම් පවුල් සඳහා නිවාස ලක්ෂ 5ක් ලබාදීමේ වැඩසටහන යටතේ ඉදිරි අවුරුදු තුන තුළදී මැදි ආදායම් කාණ්ඩය සඳහා නිවසක් රුපියල් මිලියන 5 බැගින් වන නිවාස ඒකක 100,000 ක් ද අඩු ආදායම් ලාභීන් සඳහා රුපියල් මිලියනයක් බැගින් නිවාස 250,000 ක් ද ඉදි කෙරෙන අතර මේ සඳහා වන ඉඩම් රජයෙන් ලබා දෙන අතර පෞද්ගලික අංශය මඟින් නිවාස ඉදි කරනු ලැබේ.

එහෙත් පෞද්ගලික අංශයට අවශ්‍ය පරිදි නිවාස මිල තීරණය කිරීමට අවකාශ ලබා නොදෙන අතර නිවාස අමාත්‍යංශය පවසයි.

මේ නිවාස ව්‍යාපෘතිය යටතේ වැවිලි ක්ෂේත්‍රයේ ජනතාව වෙනුවෙන් නිවාස 25,000 ක් ඉදිකිරීමට කටයුතු කරනු ලැබේ. මෙවර අයවැයෙන් මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීම මගින් මේ වැඩසටහන කඩිනම් කරගත හැකි වනු ඇත.

Related Articles

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles