Saturday, September 21, 2024

වසර 5ක් ඇතුළත විදුලිය අතිරික්තයක්

විදුලි බල ක්ෂේත්‍රයේ සැලසුම් සාර්ථකව ක්‍රියාත්මක වුවහොත් තවත් වසර පහක් ඇතුළත විදුලි අතිරික්තයක් ඇති කරගැනීමට හැකිවනු ඇති බවත්, එය විදෙස් රටවලට අපනයනය කිරීමට හැකියාව ඇති බවත් බිදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද ට පැවසීය.

නමුත් එම අතිරික්තය වර්ෂය පුරා නොපැවැත්වෙන හෙයින් සාර්ක් කලාපීය රටවල් අතර බලශක්ති හුවමාරු කරගැනීමේ වැඩපිළිවෙළකට යාමේ අවශ්‍යතාවක්පවතින බවද අමාත්‍යවරයා කීය.

සූර්යකෝෂ, සුළං බලය වැනි පුනර්ජනනීය බලශක්තිය මෙන්ම බලාගාර තුළින්ද එම අතිරික්ත විදුලිය ලබාගැනීමට හැකියාව ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේවනවිට විදුලිය උපරිම ධාරිතාව මෙගාවොට් 3900 ක් වන අතර දෛනික අවශ්‍යතාව මෙගා 2300කි.  නමුත් උපරිම ධාරිතාව ස්ථාවර නොමැති බැවින් ඇතැම්කාලයන්හිදී අඩු මිලකට විදුලිය ලබාගැනීමේ හැකියාව ඇති නම් එය වැදගත්වනු ඇති බවද සියඹලාපිටිය අමාත්‍යවරයා කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles