වවුනියාව තාණ්ඩික්කුලම් දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයක් හරහා ධාවනය කිරීමට උත්සහ ගත් ත්රී රෝද රථයක් දුම්රියේ ගැටී ඇති බවට වව්නියාව පොලීසිය පැවසීය.
කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ නගරාන්තර සීග්රගාමී දුම්රිය තාණ්ඩික්කුලම් ප්රදේශයේදී ධාවනය වන අවස්ථාවේදී තාණ්ඩික්කුලම් දුම්රිය ස්ථානයට ආසන්නයේ පිහිටි දුම්රිය හරස්මාර්ගයේදී අනතුරු සංඥා ක්රියාත්මක වද්දි ත්රී රෝද රථරියදුරු අය නොසලකා ත්රී රෝද රථය ධාවනය කිරීමට උත්සහ ගැනීමේදී ත්රී රෝද රතය එකවරම නැවතීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට අනාවරනය වී ඇත.
එහිදී දුම්රිය සමිපයට පැමිණීමට පෙර ත්රී රෝද රථයේ රියදුරු ත්රී රෝදරථය දමා ඉන් ඉවතට පැන දිවි බේරාගෙන ඇති අතරම දුම්රියේ ගැටුනු ත්රී රෝද රථය දුම්රිය මාර්ගයේ මීටර් 50 ක් පමණ දුරට ඇදී යාමෙන් පසුව දුම්රිය නවතා ගැනීමට හැකිව තිබේ.
දුම්රියේ ගැටීමෙන් ත්රී රෝද රථයට දැඩි හානි සිදුව ඇති අතරම ප්රදේශවාසී තරුණයින් එක්ව හානි වූ ත්රී රෝද රථය දුම්රිය මාර්ගයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව දුම්රියද යාපනය බලා ධාවනය වූ අතර අනතුර සම්බන්ධයෙන් වව්නියාව පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි