වහල් යුගය අවසන් කළ සමගි සන්ධාන ආණ්ඩුවට වසරයි

0
417
2015 ජනවාරි 08 වන දින මෙරට ජනතාව ඓතිහාසික තීන්දුවක් දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට ජනාධිපති කර වූ පසු එම වසරේම අගෝස්තු 17 වන දින පැවති මහා මැතිවරණයෙන් බහුතර ආසන ප්‍රමාණයක් ජයගත්තේ එක්සත් ජාතික පක්ෂයයි.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ සමයේදී ලබාදුන් පොරොන්දුවක් අනුව ප්‍රධාන පක්ෂ දෙක එකතු කර සමගි සන්ධාන ආණ්ඩුවක් නිර්මාණය කර වසරක් සපිරෙයි. වත්මන් ආණ්ඩුවට විරුද්ධ බලවේග කොතරම් විවේචන කළද මේ සමගි සන්ධාන ආණ්ඩුව ජනතාවට ලබාදුන් ප්‍රතිලාභ රැසකි. 
 
පවුල් බලයට යටවී ජීවන බරින් මිරිකී ගතකළ වහල් යුගය නිමාවී ඇත.මරණයේ වේදනාව, බිය, සැකය, බලයේ යකඩ සපත්තුවට පෑගී ලද රිදුම, නීතිය වල්වැදීමෙන් ඇතිවුණු තිගැස්ම යහපාලන වත්මන් රජය යටතේ අවසන් කර ඇත.
 
ජීවන බර අඩු කර ගන්නට රාජ්‍ය සේවක වැටුපට රුපියල් 10,000 කින් වැඩී වී ඇත. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල අඩුවී තිබේ. රටේ ජනතාවට ගෞරවවනීය ලෙස ජීවත් විය හැකි සමාජයක් නිර්මාණය වී තිබේ.ජාත්‍යන්තරව එල්ල වූ විදුලි පුටු භීතිකාවෙන් රටම පමණක් නොව ඉකුත් දූෂිත පාලකයින්ද ගලවා ගත්තේය.    
 
නීතියේ ආධිපත්‍යය ස්ථාපිත,මරණ බිය නැති, සාධාරණ සමාජයක් ඇති, සුදු වෑන් නැති රටක් බිහිකර ගැනීමට මේ වසරක කාලය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛව ආණ්ඩුව සමත් වූයේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here