Sunday, October 20, 2024

වහලා තියෙද්දී ගල් බෝතලේ 4000ට ගියා. බාර් ඇරපු එක රජයේ හොඳ තීරණයක් – සනත් නිශාන්ත

නිරෝධායන ඇඳිරි නීතිය පවතිද්දී මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට රජය ගත් තීන්දුව යහපත් එකක් බවත් සතියට දින කිහිපයක් හෝ මත්පැන් අලෙවිසැල් විවෘතව තැබිය හැකි නම් ඉතාම සුදුසු බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා ⁣මෙලෙස අදහස් දැක්වීය.

“එකක් තමයි රට ඇතුළේ රජයට මුදල් එන ප්‍රධාන මුදල් මූලාශ්‍ර කීපයක් තියෙනවා. අනික රට වහලා තිබුණායි කියලා ජනතාවට බඩගින්නේ ඉන්න දෙන්න පුළුවන්කමක් නෑ. එහෙමනම් රට වහලා තිබුණායි කියලා රටට එන ආදායම් අඩුවෙන්න පුළුවන්කමක් නෑ. එතනදි දැන් බාර් එක වහලා තිබුණායි කිව්වාට, එළියේ අරක්කු විකුණන්න තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගල් අරක්කු බෝතලේ රුපියල් 3500 – 4000ට එළියේ විකුණන්න තිබුණා. එනිසා බාර් එක ඇරලා තියෙනවා නම් දැන් නිරෝධායන ඇඳිරි නීතියේ බලපත්‍ර තියෙන කීපදෙනෙක් හරි ඉන්නවා නම් ඒ කෙනෙක් හරහා හරි එළියට අරක්කු ටික යයි.

එතකොට දැන් මිනිස්සු කසිප්පු බීලා මැරෙන එක නතර වෙනවානෙ. ඒකත් ලොකු දෙයක්නෙ. මං හිතන්නෙ රජය ගත්ත හොඳ තීන්දුවක්. බාර් සතියට දවස් කීපයක් හරි අරින්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්”

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (21) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles