Saturday, January 11, 2025

වහල තියෙද්දිත් අසාදිතයන් සහ මරණ වැඩිවෙනවා.. – හේෂා විතානගේ

විපක්ෂ නායක කාර්යාලයේ අද (10) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා

රටේ සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක වන බව ආණ්ඩුව කියනවා ඒ වගේම සෞඛ්‍ය බලධාරීන් කොවිඩ් පාලනයට මත ඉදිරිපත් කර තිබෙන අවස්ථාවක අපි අහනවා පාලකයන්ගෙන් සංචරණ සීමා ක්‍රියාත්මක කිරීම නිවැරැදි ද කියලා මේ ක්‍රමවේදය හරහා රටේ ජනතාව ආරක්ෂා කරන්න පුළුවන් ද. අපි දන්නවා රාජ්‍ය හා පුද්ගලික ආයනත සේවකයින් විවිධ ක්‍රමවේදයන් ලබා දී තිබෙනවා එහිදී ස්ටිකර් හා අවසර පත් ක්‍රමවේදයක් අපි දැක්කා ලක්ෂ ගානක ජනතාවක් කොළඹ නගර කරා ආවා අද දක්නින නැත්තේ පොදු ප්‍රවාහන සේවය විතරයි පුද්ගලික අංශයේ සේවකයන් මිලියන හතරෙන් තුන හමාරක්ම සේවයේ මෙම සංචරණ සීමා සෞඛ්‍ය බලධාරීන්ගේ බලපෑම්ට දාපු එක්ක විතරයි .
කොරෝනා තත්ත්වය පෙර තිබුණු ආකාරයයි සංචරණ සීමා දැමීම කාලයයි අතර වැඩි වීමක් තිබෙනවා එහිදී ආසාදිතයින් 12% වැඩි වෙලා මරණ සංඛ්‍යාවත් 28%ට වැඩි වී තිබෙනවා එසේ තිබියදී ආණ්ඩුව ජනතාව ආරක්ෂා කරනවා වෙනුවට ආර්ථිකය උස්සන්න හදනවා සතියක් රට වසා තිබුණෝත් රටේ ජනතාව ජීවත් කරන්න බැරි වීම ගැන කණගාටු වෙනවා ආණ්ඩුවට ජනතාව රැක ගන්න ක්‍රමවේදයක් නැහැ ජනතාව බිල්ලට දී අවසන් .

පසුගියදා නාමල් රාජපක්ෂ ඇමතිවරයා ප්‍රකාශයක් කරා එහිදී කියා තිබුණේ මියයන ප්‍රමාණයේ පාලනයක් ගෙනාපු බවයි වාර්තා වෙන මරණ සතියක දින 10ක මරණ කියලා එතුමා කියා තිබුණා මේ අවස්ථාවේ එතුමාට කියනවා ගණිත දැනුම තවත් වර්ධනය කරගන්න කියලා ගනන් කරන ආකාරය වෙනස් කර සූත්‍ර දෙන්න කලින් මරණ සංඛාව අඩු කරගැනීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙස ඉල්ලා සිටිනවා . වෛද්‍ය සංගම් කියනවා ලබා දෙන තොරතුරු වැරදියි කියලා එසේ නොකර ඇත්ත තොරතුරු ජනතාවට ලබා දියයුතුයි .එසේ බොරු තොරතුරු ලබා දී ආණ්ඩුව චූන් එකක් ලබා ගැනීම සාධාරණ නැහැ මුල් කොරෝනා පාලනයේ දී ජනතාවට ආහාර පාන යම් දුරකට තිබුණා නමුත් මේ අවස්ථාවේ එසේ නැහැ එවන් අවස්ථාවක තමයි මේ සංචරණ සීමා දමා තිබෙන්නේ ඒ හරහා ජනතාවට විශාල ප්‍රශ්නයක් තිබෙනවා එහිදී ජනතාවට ගැටලු කියන්න කෙනෙක් නැහැ ජනතාව හිරවෙලා ඉන්නේ .ඒ විතරක් නොවෙයි පාරම්පරික ගොවි ජනතාව ගොවිතැන රැකගන්න පාරක් පාරක් ගානේ යනවා එසේ ගොවිතැන් අහිමි කිරීමට ආණ්ඩුව එකවරම ගොවියා ඇදල දාලා පොහොර ගැටලුව ආණ්ඩුව ක්ෂණිකව ගත් තීන්දුවක් මේ රටේ කාබනික පොහොර වලින් ආහාර නිෂ්පාදනය කරන රටක් බවට පත් කරන්න හදනවා එය හොද ප්‍රතිපත්තියක් නමුත් එකවරම ගතහැකි තීන්දුවක් නෙමෙයි රටේ ගොවියා වී ටික වපුරා ඇති අවස්ථාවක එසේ කිරීමෙන් ගොවියා අසරණ වෙනවා.මේ ⁣මෙසේ කරන්නේ එදා කියපු සුරංගනා කාතාවලට කරන්න දෙයක් නැති කමට. එදා ගොඨාබය රාජපක්ෂ මහතා වේදිකාවේ කිව්වා පොහොර සහනාධාරය දෙන්න හදනකොට මහින්ද රාජපක්ෂ ජනාධිපති කිව්වා නෑ ගෝඨාභය අපි පොහොර නොමිලේ ලබා දෙමු කියලා එම පොරොන්දුව ජනතාවට ලබා දුන්නේ ⁣ඓතිහාසික අනුරාධපුර භූමියේ ඉදන් නමුත් අද නොමිලේ නෙමෙයි සල්ලි වලටවත් පොහොර නැහැ එදා යහපාලන රජයට නොයෙක් විදියේ දොස් කිව්වා පොහොර වෙලාවට නැහැ කියලා .නමුත් අද මාධ්‍ය ඔස්සේ නිතරම දකින්නේ ගොවි ජනතාවගේ දුක අද පොහොර මිටියක් ලබා ගන්න බැහැ ඊයේ මාතලේ සිදුවීමක් අපි දුටුවා එසේ සිදුවන්නේ රටේ පොහොර නැති නිසා පොහොර නැත්නම් ගොවිය⁣ට විකල්පයක් දිය යුතුයි පාලකයන්ගේ අමනොඥ වැඩ නිසා සමස්ත කෘෂිකර්මයටම විශාල හානියක් සිදුවෙලා ඒ බව කෘෂිකර්ම ලේකම් වරයා අස්වීමෙන් පිළිබිඹු වෙනවා එතුමා රටට විශාල පණිවිඩයක් ලබා දුන්නේ .කාබනික පොහොර නිෂ්පාදනය කරනවා කියන අයගෙන් අහනවා තමන්ගේ විෂය පතය ගැන සුළු දැනුමක් වත් තිබෙනවා ද කියලා සාමාන්‍ය දැනුමක් නෑ කියන්න අපි දන්නවා අඩුම තරමේ කාබනික පොහොර හදන්න මේ රටේ තිබෙන භූමි ප්‍රමාණය ප්‍රමාණවත් ද කියලා දන්නේ නැහැ කැනඩාව ඕස්ට්‍රේලියාව වගේ රටවල් එසේ කරාට අපිට කරන්න බැහැ අපිට කුඩා භූමි ප්‍රමාණයක් තිබෙන්නේ දැන් ආණ්ඩුව විකල්පයක් විදියට චීනයෙන් කාබනික පොහොර ගේන්න හදනවා එහිදී ක්ෂුද්‍ර ජීවින් නැහැ කියනවා එසේනම් කුණු ගොඩක් තමයි ලංකාවට ගේන්නේ චීනයේ කුණු දමන මධ්‍යස්ථානයක් බවට අපේ රට පත්වෙලා අපි හිතුවේ චීනය සමග එකතු වෙලා නාවික කේන්ද්‍රයක් බවට පත් කරාවි කියලා එසේ නැතුව කුණු කේන්ද්‍රයක් බවට රට පත් කරලා .ජනතාව මේකද ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුනේ මහා විශාල පොත් ගහගෙන ජනතාවගේ ඔලු කුනු කරපු පාලකයන් මේ රටට දුර්භික්ෂයක් ගෙනල්ලා අද ජනතාවට කන්න නැහැ පරිසරය විනාශ වෙලා මුහුද සම්පූර්ණ විනාශ වෙලා ගිහින් .තේ ගොවියා වී ගොවියා ඇතුළු සියලුම ගොවින් අසරණ තත්ත්වයට ඇද දමන්න එපා විපක්ෂය විදියට එය ජනතාව වෙනුවෙන් කලහැකි උපරිම දේ කරන්න බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව ගෙනයන දුර්දාන්ත වැඩපිළිවෙළට එරෙහිව සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමා සමග පෙනී සිටිනවා අද අපේ සටන ගමට ගෙනයන්න බැහැ කොරෝනා නිසා අපි බලධාරීන්ට කියනවා ගොවි ජනතාව ආරක්ෂා කරන්න කියලා .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles