වහාම ක්‍රියාත්මක වන පරිදි එක්දින රියදුරු බලපත්‍ර ලබා දීම අත්හිටුවයි

0
351

එක්දින සේවා මඟින් නව රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (21) සිට අත්හිටුවා තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර හා හම්බන්තොට කාර්යාලවල සිදුව ඇති මහා පරිමාණ ජාවාරමක් හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට හේතු වී ඇති බව සඳහන්.

ඒ අනුව රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ප්‍රධාන කාර්යාලය වන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේත්, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලවලත් නැවත දන්වන තුරු එක්දින සේවය යටතේ නව රියැදුරු බලපත්‍ර නිකුත් නොකරෙනු ඇති.

ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත ඊයේ (21) දුන් උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here