Tuesday, September 24, 2024

ව්‍යවස්‌ථා සංශෝධනයෙන් රට අවුල් ජාලයක්‌ වෙනවා

යෝජිත නව ව්‍යවස්‌ථා සංශෝධනයෙන් නැවතත් රට අවුල් ජාලාවකට පත්වන බව ජාතික මහ සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.

රටේ දැවෙන ප්‍රශ්න තිබියදී විසංවාදයට තුඩු දෙන ජාතිවාදයට සහ ආගම්වාදයට රට නැවතත් ඇදදැමීම මේ මගින් සිදුවන බව ද උන්වහන්සේ සඳහන් කළහ.

නව ව්‍යවස්‌ථා සංශෝධනයෙන් රටට ඇතිවන අහිතකර බලපෑම් පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ඊයේ (25 දා) ජාතික මහ සභාව විසින් ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ එසේ පැවැසූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ රතන හිමියෝ මෙසේද කීහ. ඉදිරිපත් කර තිබෙන අතුරු වාර්තා කෙටුම්පත නියෝජනය කළ විසිදෙනාගෙන් කැමැත්ත ප්‍රකාශ කර ඇත්තේ හත්දෙනෙකු පමණයි. එසේ තිබියදී මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිගත නොහැකියි.

විධායක බලතල අහෝසි කරන ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ සඳහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සම්පූර්ණයෙන් අකැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. ජාතික හෙළ උරුමය සහ ද්‍රවිඩ සන්ධානය විවිධ අදහස්‌ ඉදිරිපත් කර තිබෙනවා. මෙම කෙටුම්පත ඉදිරිපත් කළ යුත්තේ සියලුදෙනාගේ කැමැත්ත මත පමණයි.

මේ මගින් රට ස්‌ථාවර වෙනවාද, ස්‌ථාවර භාවයට හානි වෙනවාද, සුළු ජන වර්ගයාගේ ප්‍රශ්නවලට උත්තරයක්‌ ලැබෙනවාද, සංහිඳියාවට බාධාවක්‌ වෙනවාද යන්න සොයා බැලිය යුතුයි. සියලු ජාතීන්ගේ අවශ්‍යතාවන් හා රටේ ප්‍රශ්න සාකච්ඡා කර විසඳුමක්‌ සොයනවා වෙනුවට ඉන්දියාවට හෝ ජාත්‍යන්තරයට ඕනෑ විදියට මෙවැනි ව්‍යවස්‌ථා සංශෝධන ගෙන ඒමෙන් සංහිඳියාව ඇති කිරීම සඳහා ඇති අවස්‌ථාව නැති වී යනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles