ව්‍යාපාරිකයාගේ සාක්කුවේ ලක්ෂ 30ක රන් භාණ්ඩ

0
695

රේගුවට ප්‍රකාශ නොකර නීතිවිරෝධී ලෙස ඩුබායි සිට ශ්‍රී ලංකාවට රැගෙන එමින් තිබූ ස්වර්ණාභරණ තොගයක් අද (14) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී  අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි .

කොළඹ වැල්ලම්පිටියේ  ව්‍යාපාරිකයකු බව කියන සැකකරු සතුව ග්‍රෑම් 651ක් බරැති රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා ස්වරණාභරණ තිබී ඇත.

ඔහු රැගෙන ආ ගමන් මලු පරීක්ෂා කරමින් සිටියදී ඔහුගේ කලිසමේ සාක්කුව අසාමාන්‍ය ලෙස පිම්බී තිබීම පිළිබඳව සැක සිතූ රේගු නිලධාරීන්  එය පරීක්ෂා කර තිබේ,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here