Sunday, September 22, 2024

ව්‍යාපෘතිය සාර්ථක නැත්නම් යළිත් මුදල් නෑ – මුදල් ඇමති

මෙවර අයවැයෙන් සම්පූර්ණ වර්ෂයටම මුදල් වෙන් නොකරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ඊයේ මුදල් අමාත්‍යංශයේ පැවති රැස්විමකට එක් වෙමිනි.

මුදල් අමාත්‍යවරයා අවධාරණය කලේ කාර්තුවෙන් කාර්තුවට ව්‍යාපෘතිවල ප්‍රගතිය නිරීක්ෂණය කර මුදල් වෙන් කර දීමට තීරණය කර ඇති බවයි.

එමෙන්ම මුල් කාර්තුවේදි සාර්ථකත්වයක් පෙන්නුම් නොකරන ව්‍යාපෘති සඳහා නැවත මුදල් ලබා නොදීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා කියා සිටියා.

රට තුළ කිසිඳු ආහාර හිඟයකට ඉඩ නොතබන බව ද මුදල් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles