වායු දූෂණය අපේක්ෂා කල මට්ටමට වඩා භයානක මට්ටමක

0
321

වායු දූෂණය අපේක්ෂා කල මට්ටමට වඩා භයානක මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

නයිට්‍රජන් ඩයොක්සයිඩ් වැනි දූෂක ද්‍රව්‍ය උපරිම මට්ටමද ඉක්මවා ගොස් ඇති බවයි නවතම වාර්තාවක දැක්වෙන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා අනුව වසරකදී වායු දූෂණය හමුවේ මියයන සංඛ්‍යාව ලක්ෂ 70 කට අධිකයි.

ඉන් බහුතරය අඩු සහ මැදි ආදායම් ලබන රටවල්වල ජනතාවයි.

එම රටවල්වල බලශක්ති උත්පාදනය සඳහා වැඩි වශයෙන් ෆොසිල ඉන්ධන යොදාගැනීම ඊට ප්‍රධාන හේතුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here