Sunday, December 22, 2024

වායු දූෂණය හේතුවෙන් බෙයිජිං නගරයේ අධිවේගී මාර්ග හා ක්‍රීඩාංගණය වැසේ.

වායු දූෂණ තත්වය ඉහළ යාම හේතුවෙන් චීනයේ බෙයිජිං අගනුවර අධිවේගී මාර්ග සහ ක්‍රීඩාංගන වසා දැමීමට කටයුතු කර තිබේ.

පසුගිය සිකුරාදා බෙයිජිං බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ දැඩි වායු දූෂණ තත්වයක් පවතින බවට අනාවරණය වීමත් සමගය.

මෙහිදී බෙයිජිං නගරය සහ අවට ප්‍රදේශ දැඩි දුමාරයකින් වැසී පැවති බවද විදෙස් වාර්තාවල දැක්වේ.

මේ වනවිට චීනයට බලපා ඇති බලශක්ති අර්බුදයට විසදුමක් ලෙස එරට තුළ ගල්අගුරැ නිෂ්පාදනය ඉහළ නැංවීම මෙම හදිසි වායු දූෂණ තත්වයට මූලික හේතුව බව පැවසේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles