වායු සමීකරණ යන්ත්‍රයක ගෑස් නළයක් පුපුරා යාමෙන් එය අලුත්වැඩියා කරමින් සිටි 26 හැවිරිදි තරුණයෙකු මරැට

0
304

මහනුවර  දෙවන රාජසිංහ මාවතේ සුපිරි හෝටලයක වායු සමීකරණ යන්ත්‍රයක් අලුත් වැඩියා කිරීමේ දී ගෑස් නළයක් පුපුරා යාමෙන් එහි නඩත්තු කාර්මික ශිල්පියා රෝහල් ගත කිරීමෙන් පසු මරණයට පත්ව ඇත.

අද පස්වරු 1.45ට පමණ මෙය සිදුවී ඇති අතර නළය පුපුරා යාමෙන් කාර්මික ශිල්පියා බරපතල පිළිස්සුම් තුවාල ලබා තිබේ.

පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කාර්මික ශිල්පියා මරණයට පත්ව ඇති අතර ඔහු මුල්ගම්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි මොහොමඩ් හිෂාම් නම් අයෙකි.

මෙම පුද්ගලයා හෝටලයේ සේවකයෙකු නොවන බවත් වායු සමීකරණ නඩත්තු කරන පුද්ගලික ආයතනයේ සේවකයෙකු බවත් පේරාදෙණිය පොලිසිය පවසයි.

ගෑස් නලයේ පිපිරීමෙන් හෝටලයේ තෙවන මහලට දැඩි අලාභ හානි සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here