Monday, December 23, 2024

වාර්ෂිකව දැවි තෙල් ටොන් 20, 000ක් පරිසරයට මුදාහැරෙයි

වාර්ෂිකව මෙරට වරායන්ට පැමිණෙන නැව්වලින් බැහැර කෙරෙන දැවිතෙල් ටොන් 20,000ක් පරිසරයට මුදාහැරෙන බවට අනාවරණය වී තිබේ.

පරිසර අමාත්‍යාංශයේ පෙරේදා (18) පැවති සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණය වූ බව එම අමාත්‍යාංශය කියා සිටියි.

දැවිතෙල් අපහරණය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් ආයතන 27කට බලපත්‍ර ලබා දී ඇති නමුත් දැවිතෙල් පිරිපහදු පහසුකම් පවතින්නේ ඉන් ආයතන 4කට පමණක් වන අතර එමගින් පිරිපහදු කළ හැක්කේ ටොන් 4800ක් බව සඳහන් .ය

පිරිපහදු පහසුකම් නොමැති ආයතන විසින් ලබාගන්නා දැවිතෙල් රාත්‍රී කාලයේ බවුසර් මඟින් ගෙන ගොස් ගංඟා හෝ ඇළ දොළ ට බැහැර කරන බවට තොරතුරු ලැබී ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදි සඳහන් කර ඇත.

ඒ අනුව දැවිතෙල් බලපත්‍ර නිකුත් කිරීමේ දී පිරිපහදු පහසුකම් ඇති ආයතන වෙත පමණක් බලපත්‍ර නිකුත් කිරීම සහ දැවිතෙල් පරිසරයට බැහැර කෙරෙන ආකාරය පිළිබඳව විමර්ශනයක් සිදුකිරීම යනාදී තීන්දු තීරණ රැසක් අදාළ සාකච්ඡාවේ දී ගත් බව පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles