Tuesday, September 24, 2024

වාසුත් ගියා වගේ තමයි

වාසුදේව නානායක්කාර මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් නොකළේ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමෙන් පසු ඔහු ද ඉල්ලා අස් වනු ඇතැයි යන අදහසින් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත.

ඊයේ පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු හමුවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

කෙසේවෙතත් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍ය ධුරයෙන් ඉවත් කළේ කැමැත්තකින් නොවන බවත් මුදල් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ඔවුන් ඉවත් වූවා කියා ආණ්ඩුව පවත්වාගෙන යාමේ ගැටලුවක් නැතැයි ද මුදල් අමාත්‍යවරයා පවසා ඇත.

තමනට බනින අය විවේචනය කරන අය සතුරන් නොවන බවද පසු පවසා ඇති බැසිල් රාජපක්ෂ මහතා ඉවසීමෙන් වැඩ කරන ලෙසත් අග්‍රාමාත්‍ය තුමා ගෙන් දේශපාලන ඉවසීම ගැන ඉගෙනගෙන ගත හැකි බවත් තව දුරටත් සඳහන් කර ඇත.

“විමල් වීරවංශයි උදය ගම්මන්පිලයි ඉවත් කළා කියා ආණ්ඩුව පවත්වාගෙන යාමේ ගැටලුවක් නැහැ. තමනට බනින අය විවේචනය කරන අය සතුරන් නොවෙයි. අග්‍රාමාත්‍ය තුමා ගෙන් දේශපාලන ඉවසීම ගැන ඉගෙනගෙන ගෙන ඉවසීමෙන් වැඩ කරන ලෙස ඉල්ලා සිටිනවා.”

‘‘දේශපාලනය සහ ආණ්ඩු කිරීමේදී යම් යම් තීන්දු ගැනීමට සිදුවෙනවා. එම ඇමැතිවරුන් සමග සිටි වාසුදේව නානායක්කාර ඇමැතිවරයා ඉවත් කළේ නැත්තේ ඇයිදැයි අහනවා. අපි හිතුවේ තුන්වැනියා ඉබේම ඉවත් වෙයි කියලා. ඔවුන් ඉවත් වූවා කියලා ආණ්ඩුව පවත්වාගෙන යාමේ ගැටලුවක් නොමැති බව’’ යැයි බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

එහෙත් අපිට බණින අය, විවේචනය කරන අය සතුරන් නොවන බව පෙන්වා දී තිබෙන බැසිල් රාජපක්ෂ මහතා ඉවසීමෙන් වැඩ කරන ලෙසත්, අගමැතිතුමාගෙන් දේශපාලන ඉවසීම ගැන ගොඩාක් ඉගෙන ගත හැකි බවත් එහිදී සඳහක් කර තිබෙනවා.

මෙහිදී ඩොලර් හිඟය හමුවේ ආර්ථිකය පත්ව ඇති අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යන බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත .

එබැවින් ඒ සම්බන්ධයෙන් කලබල විය යුතු නැතැයිද ඇමතිවරයා පෙන්වා දී ඇත.

ආණ්ඩුවේ පසුපෙළ නියෝජනය කරන නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා හැර පසුපෙළ අනෙකුත් මන්ත්‍රීවරුන් සියලු දෙනාම මෙයට සහභාගි වූ බව වාර්තා වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles