වාසු කෙරවලපිටිය ගිවිසුම අත්සන් කරන බව දන්නවා – අනතර්ගතය දන්නේ නැහැලු

0
334

කැබිනට් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසන්නේ කෙරවලපිටිය බලාගාරයේ කොටස් 40%ක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට අත්සන් කළ ගිවිසුම එදින අත්සන් කරන බව තමන් දැනගෙන හිටියත් එහි අන්තර්ගතය නොදන්නා බවයි.

ඔහු මේ සම්බන්ධව පැවසුවේ හිරු hard talk විශේෂාංගයට එක්වෙමිනි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“මම දන්නෙත් නෑ ගිවිසුම මොකක්ද කියලා මම ගිවිසුම දැකලා නෑ ගිවිසුම අත්සන් කරන බව දැනගෙන හිටියත් අන්තර්ගතය දන්නේ නැහැ කැබිනට් මණ්ඩලයේ දී අපි නිර්දේශ දුන්නත් ඒවා සාකච්ඡා කරන අතරතුර තමයි ගිවිසුම අත්සන් කරල කරල තියෙන්නෙ ආණ්ඩුව අපි කියන කරුණු ගණන් අරගෙන නැහැ” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here