වාහන අංක තහඩු ලබාදෙන ක්‍රමයේ වෙනසක්

0
309

HomeNews

වාහන අංක තහඩු ලබාදෙන ක්‍රමයේ වෙනසක්

October 21, 202118

ලබන ජනවාරි මාසයේ සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා වාහනවල අංක තහඩු බෙදාහැරීම නැවතීමට බලාපොරොත්තුවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් පැවසීය.

එයට හේතුව කාර්යාල වෙත අංක තහඩු ප්‍රවාහනය වීමේදී විශාල ප්‍රමාදයකට ලක්වීම මත මේ පිළිබඳ අවධානය යොමුව ඇත.

ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ කුරියර් සේවා හරහා නිවෙස් වෙතම අංක තහඩු යැවීමේ ක්‍රමවේදයක් ගැන සකසන බවත් බොහෝ විට ලබන ජනවාරියේ සිට මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

මීට අමතරව වේරහැර රියදුරු බලපත්‍ර කාර්යාලය ද මෙම ක්‍රමවේදය මගින් රියදුරු බලපත්‍ර බෙදාහැරීම ගැන අවධානය යොමුකර තිබෙන බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here