වාහන අමතර කොටස් ලෙස ගෙනා රත්තරන් පන්නන්න බැරි වෙයි

0
320

වාහන අමතර කොටස් සහ කෝපි සාදන යන්ත්‍රවල කොටස් ලෙස හඟවමින් ඩුබායි සිට ආනයනය කරන ලද පාර්සල් කීපයක් තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ රුපියල් කෝටි 22 ක් පමණ වටිනා රත්තරන් කිලෝ 16 ක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීහූ ඊයේ (27) සමත් වූහ.

ව්‍යාජ ව්‍යාපාර නාම භාවිතා කරමින් ගුවන් බඩු අංශයේ කුරියර් ආයතනයක් හරහා මෙම මහා පරිමාණයේ රත්තරන් ජාවාරම කරගෙන ගොස් ඇති බව කී රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතා පැවුසවේ මෙම භාණ්ඩවල අභ්‍යන්තරයේ අඩංගු තාක්ෂණික කොටස් රත්තරන්වලින් නිර්මාණය කර සවිකර රේගුව නොමග යැවීමට ජාවාරම්කරුවන් කටයුතු කිරීම කැපී පෙණෙන බවයි.

මෙම රත්තරන් සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් ක්‍රියාත්මක කරන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

Kubiyo News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here